වැඩි වන ඉන්ධන මිල අනුව බස් ගාස්තු වැඩි කරනවා ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැති බවත්, ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවත් අන්තර් පළාත් පුද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර මහතා පැවැසීය.
එහෙත් වැඩි වන ඉන්ධන මිල ගණන් අනුව පුද්ගලික බස් සේවාව ආරක්ෂා කර ගැනීම සඳහා ගාස්තු වැඩි කළ යුතු බවත් එය බස් සංගම්වල හිතුමනාපෙට කළ නොහැකි බවත්, ඒ මහතා කීය. ධීවරයන්ට හා සමෘද්ධි ලාභීන්ට භූමිතෙල් පරණ මිලටම ලබා දෙන ආකාරයට පුද්ගලික බස් කර්මාන්තයේ යෙදෙන අයටත් මාර්ග බලපත්‍රය පෙන්නා පරණ මිලටම ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත්, විජිත කුමාර මහතා කීය.
මේ වන විට බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්වල මිල ගණන් ද වැඩිවී තිබෙන බවත් පුද්ගලික බස් සේවාව මගින් විශාල පිරිසකට ගමන් පහසුව සැලසෙන නිසා එය ආරක්ෂා කරගත යුතු බවත්, ඒ මහතා සඳහන් කරයි.
0 Comments