Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාමිණී සෙනරත් සහ නීල්ගෙන් ප්‍රකාශ ගන්න නියෝග

Author(s): 
සුභාෂීණී සේනානායක

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේදී වෙන්කෙරුණු රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය 109-6 වගන්තිය යටතේ දැන්වීම යවා අදාළ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන ලෙසට ද ඊයේ (11) නියෝග කළාය.

ඕනෑම පුද්ගලයකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ අයිතිය පොලිසියට ඇති බව කී මහේස්ත්‍රාත්වරිය 109-6 වගන්තිය යටතේ දැන්වීම යවා අදාළ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ මේ සිද්ධියට අදාළ ප්‍රශ්නගත සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ පළමු සැකකරු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් සහ නීල් බණ්ඩාර හපුහින්න යන අයගෙන් සිද්ධියට අදාළ වැඩි දුර ප්‍රකාශ ලබා ගැනීමට අද සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවන අවස්ථාවක මේ ඉල්ලීම සිදු කළේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් දැනුවත් කළ හැකි බව ද මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කර අධිකරණයට ලබන අගෝස්තු මස 08 වැනිදා වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් සහ නීල් බණ්ඩාර හපුහින්න සහ පියදාස කුඩාබාලගේ යන අය මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();