ශරීරයේ විවිධ ආබාධයන් තිබියදී ලෝකය ජයගත් පුද්ගලයින් පිළිබඳව විවිධ රටවලන් දැනගන්නට ලැබෙනවා. මේ කියන්නේ යන්නේ අවුරුදු 18 දී ශරීරයේ කිසිවක් කිරීමට නොහැකිව පේෂි ක්‍රියාකාරීත්වය බිඳ වැටී ඇඳකට වී ජීවිතය ගත කරන ශ්‍රි ලාංකික තරුණයෙකු එක් ඇඟිලකින් සිදු කළ ලොවම මවිත කරන ක්‍රියාවක් ගැනයි.

මොහු නමින් ඉර්ෆාන් හෆීස් පේශි පද්ධතිය බිඳවැටීම නිසා තවමත් යන්ත්‍ර ආධාරයෙන් ජීවත් වන මොහු ජීවත් වන්නේ අළුත්ගම දර්ගා නගරයේ. ඇඳක එක් තැන් වී සිටින ඉර්ෆාන්ගේ ශරිරයේ ක්‍රියා කරන්නේ එක් ඇගිල්ලක් පමණයි ජීවිතය ලද දුක්බර ඉරණම ගැන පසුබට නොවූ ඉර්ෆාන් ක්‍රියා කරන එක් ඇඟිල්ලකින් පරිගණකය සහ දුරකථනය භාවිතා කර පොත් තුනක් ලීවිමට සමත් වී තිබෙනවා.

ඉර්ෆාන්ගේ මෙම අපූරු උත්සහය ගැන සමාජජාල ක්‍රියාකාරී පිටුවකින් වන Nas Daily විසින් ලොවටම අනාවරණය කිරීමට සමත් වුනා. සියල්ල බිඳ වැටුනත් කළ හැකි එකම දෙයින් වසර ගණනක් වැය කොට ග්‍රන්ථ තුනක් ලියූ ඉර්ෆාන් ගැන අද මුළු ලොවම කතා වෙනවා. ලෝකයේම අවධානයට ලක් වූ ඉර්ෆාන්ගේ වීඩියෝවයි මේ…

33691452_1855094274511586_7891330686399807488_n_(1) 33703113_10216311044952248_3966770054430720000_n



from Gossip Lanka News & Video https://ift.tt/2IRyq7z
via internet