ලාංකීය දේශපාලනයේ පුවත් මැවූ ප්‍රධානම මාතෘකාවක් ඊයේ දිනයෙන් නිමා විය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ගෙන ආ විශ්වාස භංග යෝජනාව නිසාවෙනි. මෙහි අරමුණ අගමැතිවරයා පමණක් නොව වර්තමාන ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව පෙන්වා දෙමින් ආණ්ඩුව අස්ථාවර කර රට අස්ථාවර කිරීමය.
අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා වැඩි චන්ද 46කින් එය ජග්‍රහණය කළේය. මෙහිදී 76ක් පක්ෂවද විපක්ෂව 122ක්ද 26ක් නොපැමිණ සිටීමද දක්නට ලැබුනා. මෙම ප්‍රතිපලය සමග රාජපක්ෂ පිල ගෙනා විශ්වාශ භංගය ආණ්ඩුව ජග්‍රහණය කල නමුත් මෙම ජයග්රහණයේදී තීරණාත්මක සාධකය ලෙස බලපෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ චන්දයයි.
මෙහිදී ආණ්ඩුව ශක්තිමත් කර නැවත වරක් රාජපක්ෂලාගේ මගඩි දේශපාලනය පරාද කිරීමට රට වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පිළිපදිමින් ක්‍රියාත්මක එක් වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන් පිරිස වන්නේ
01 මහින්ද අමරවීර
02 නිමල් සිරිපාල ද සිල්වා
03 දුමින්ද දිසානායක
04 මහින්ද සමරසිංහ
05 විජයමුණි සොයිසා
06 සරත් අමුණුගම
07 රංජිත් සියබලපිටිය
08 පියසේන ගමගේ
09 නිශාන්ත මුතුහෙට්ටිගම
10 ඒ. එච්. එම් ෆවුසි
11 මොහාන් ලාල් ග්‍රේරු
12 ශ්‍රියානි විජේවික්‍රම
13 මනුෂ නානායක්කාර
14 ලසන්ත අලගියවන්න
15 සාරතී දුෂ්මන්ත
16එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා
17 ආරුමුගම් තොණ්ඩමන්
18 වීරකුමාර දිසානායක
19 මලිත් ජයතිලක
20 ලක්ෂ්මන් සෙනෙවිරත්න
21 ඉන්දික බණ්ඩාරනායක
22 මුත්තු සිවලිංගම්
23 අංගජන් රාමනාදන්
24 කාදර් මස්තාන්
25 අතුරුලියේ රතන හිමි යන මන්ත්‍රීවරුන්ය.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම චන්ද විමසීමේදී චන්දය භාවිතා කිරීමෙන් වැලකි සිටීම හේතුවෙන් රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය වූ ආණ්ඩුව අස්ථාවර කිරීම හා ආණ්ඩුවට බහුතර බලයක් නැත යන කාරණය ඉස්මතු කිරීමේ කූට ප්රයත්නය පුස්සක් බවට පත් විය.
කවුරුන් කුමක් කිවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුසංයෝගය විනාශ කිරීමට රාජපක්ෂලා අටවාගෙන සිටින ඒකාබද්ධ විපක්ෂය ගෙනා තවත් අසාර්ථක මෙහෙයුමකට ජනාධිපතිවරයා බුද්ධිමත්ව ක්‍රියාකරමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමකි ඔහුගේ උපදෙස් ක්‍රියාත්මක නොවුවානම් අද අගමැති සමගම ආණ්ඩුවටම ගෙදර යන්නට වන බව දේශපාලන සවිඥානික ඕනෑම කෙනෙකුට තේරෙන සත්‍යකි.
රාජපක්ෂවරුන් කෙසේ හෝ උත්සාහ දරන්නේ මේ රජයේ ගමන් මාර්ගය අවහිර කරමින් තමන්ගේ ඇති කුණු පිරුණු දේශපාලනය නැවත කෙසේ හෝ ස්ථාපිත කිරීමට වුවත් රනිල් – මෛත්‍රී නායකයින් දේපල සමඟ මේ ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන ගොස් 2015 ජනවාරි 8 අප පැතු යහපාලනය කරා රට රැගෙන යාම සියලු දෙනාගේ යුතුකම හා වගකීමයි.
The post ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය සහ ජනපති මෛත්‍රීගේ තිරය පිටුපස කතාව..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments