Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රනිල් දිනුම් : මහින්ද පරාදයි

විශ්වාසභංගය භංග වෙයි

මහින්ද පාර්ලිමේන්තුවට ආවත් විවාදය මඟහැරියා

අගමැතිට පක්ෂ ගණනාවක සහාය

එජාපෙ සියලුම දෙනා විපක්ෂව ඡන්දය දෙති

ශ්‍රීලනිපයේ බෙදීමක්: ජවිපෙ පක්ෂව

අගමැති ඉවත් කිරීමට ගත් තැත විවාදයේ ආරම්භයත් සමඟම බංකොලොත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව තහවුරු කරමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ විශ්වාසභංගයට එරෙහිව ඊයේ ඡන්දය දීමත් සමඟම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය විශාල පසුබෑමකට ලක්විය. සුළු පක්ෂ රැසක් අඟහරුවාදා රාත්‍රියේ අගමැති වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු බිඳ වැ‍ටිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටින බව ෆවුසි ඇමැතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව විවාදය ආරම්භ කිරීමටත් පෙර ඒකාබද්ධ විපක්ෂය බලවත් පසුබෑමකට ලක්විය. විවාදය පටන් ගැනීමත් සමඟ විශ්වාසභංගයට සහයෝගය නොදක්වන බව මන්ත්‍රීවරුන් 15ක් සහිත දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ විශ්වාසභංගයට අත්සන් කළ අය විවාදයේදී අදහස් දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ සහභාගීත්වයේ ජාතිවාදී ස්වරූපයක් ඇති බව ප්‍රකාශ කළැයි පෙන්වා දෙමින් අතුරලියේ රතන හාමුදුරුවෝ පක්ෂව ඡන්දය ප්‍රකාශ කළත් ඡන්දය දීමෙන් වැළකෙන බව ඊයේ ප්‍රකාශ කළේ ඒකාබද්ධයේ ඡන්ද ප්‍රමාණය තවත් අඩු කරමිනි. පාලිත රංගේ බණ්ඩාර සහ වසන්ත සේනානායක මහත්වරුන් ද මාධ්‍ය හමුවක් පවත්වමින් අගමැතිවරයාට සහය දක්වන බව ප්‍රකාශ කළා. දවසේ ප්‍රථම භාගයේදීම උදය ගම්මන්පිල මහතා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාද වන බවට ඉඟි පළකළා.

Òඅපි අද පැරදුණත් ජයග්‍රහණය කළා වගේÓ යැයි කියමින් උදය ගම්මන්පිල මහතා පරාජයේ ලැජ්ජාවෙන් ගැළවීමේ උපක්‍රමයක යෙදුණා. කලින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 40 කගේ සහ එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහය අපේක්ෂාවෙන් සිටියත් විවාදය ආරම්භයේදීම එම සහය නොලැබෙන බව ඔවුන්ට තේරුම් ගොස් තිබුණා.

පාර්ලිමේන්තු විවාදය යන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියද සභා ගැබට ආවේ නැහැ. සිය නායකයාගේ කිසිදු සහයක් නොමැතිව සභා ගැබේ රැඳී සිටි ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනා විශ්වාසභංගය වෙනුවෙන් කරුණු දැක්වීමේ අසීරු උත්සාහයක යෙදුණා.

ජාතික ආණ්ඩුවට එරෙහිව සිය ප්‍රධානතම සටනේදී ඔවුන් අතහැර දැමීමට හිටපු ජනපතිවරයාගේ තීරණය පිළිබඳ ඒකාබද්ධයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පෞද්ගලිකවම සිය කනස්සල්ල පළ කළහ.

විශ්වාසභංග යෝජනාවට අස්සන් කළ ඒකාබද්ධයේ එක් මන්ත්‍රීවරයෙක් දැඩිවම ප්‍රකාශ කළේ Òමේ සටනේදී මහින්ද අපව පාවා දුන්නාÓ යනුවෙනි.

ඒකාබද්ධ ආරංචි මාර්ග විශ්වාසභංග යෝජනාව පිළිබඳ බෙදීමක් වූ බව තහවුරු කළද මහින්ද රාජපක්ෂ සිතුවේ පෙබරවාරි 10 වැනිදා පළාත් සභා මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ආයතන වන සිය පරිපාලනයන් පිහිටුවීමට යෑමේදී වර්තමානයේ උද්ගතව ඇති ගැටුම්වලට මේ විශ්වාසභංග යෝජනාව ආයුධයක් කරගත හැකි බවකි.

විවාදයේ අවසන් පැය කිහිපය තුළදී හිටපු ජනපතිවරයා නොසිටීම ඇමැති හරින් ප්‍රනාන්දු මහතා හාස්‍යයට ලක්කළේය. ඔහු කියා සිටියේ සභා ගැබට පැමිණීම කිසිවකට මායිම් නොකළ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු ආපනශාලාවේ සිටිනු තමන් දුටු බවයි.

පෙරේදා (3දා) සවස පැවැති මාධ්‍ය හමුවකදී අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ජෝන් සෙනවිරත්න ඇතුළු ඇමැතිවරුන් 13 දෙනෙක් කියා සිටියේ රාජපක්ෂගේ විශ්වාසභංගයට සිය සහය දුන්නද ආණ්ඩුවෙන් ඉවත් නොවන බව හා ආණ්ඩුවේ සිය අමාත්‍ය ධුර අත්නොහරින බවයි. එහෙත් මේ තීරණයට පාර්ලිමේන්තුවේදී දැඩි ලෙසම පහර දුන් එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා සිටියේ අමාත්‍යධුර දරන ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් විශ්වාසභංගයට සහාය දීම තමන්ටම එරෙහිව ඡන්දය දීමක් බවයි. Òමෙය ඉතාම හාස්‍යජනකයÓ යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ආමන්ත්‍රණය කරමින් ‘මොහු ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙනවා. ඒත් ඇමතිකමින් අස්වෙන්නේ නෑ’ යැයි කීය.

19 වැනි ව්‍යස්ථා සංශෝධනයට අනුව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකිවන්නේ ආණ්ඩුවට හෝ කැබිනට් ඇමැතිවරුන්ට එරෙහිව පමණි. එම සංශෝධනයට අනුව අගමැතිට එරෙහිව පමණක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකිය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසා සිටියේ තමන් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ අගමැතිවරයාට සහාය පළ කිරීමට තීරණය කළ බවත් වසර 24ක තම පාර්ලිමේන්තු ජීවිතයේ විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අයුරු අත්දැක ඇති බවත්, තමන් දුටු ආරම්භයේදීම පුස්සක් ලෙස ඉදිරිපත් වූ පළමු යෝජනාව මෙය බවත්ය.

ශ්‍රී ලංකාවේ විශාලතම මුස්ලිම් පක්ෂය මෙහෙයවන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඒකාබද්ධ විපක්ෂයට දැඩි ලෙසට පහර දෙමින් පැවසුවේ පසුගිය මස දිගන වූ ජාතිවාදී නොසන්සුන්තාව සිය දේශපාලන සන්ධිස්ථානයට ගෙන යාමට ඒකාබද්ධය උත්සාහ කළ බවයි. සංවේගජනක සිදුවීම් සිය දේශපාලන ඉලක්ක ඉටු කරගන්නට යොදා නොගන්නා ලෙස රාජපක්ෂ කල්ලියෙන් ඉල්ලා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();