Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“ඔයා රට යනකොට, බඩට මාස දෙකයි යන්තමට. අම්මට අහුවුණා කනකොට අන්නාසි ගැට.

ජීවිතේ කියන්නේ සුන්දර පාරාදීසයක්ම නෙවෙයි.
දුක, සතුට, ප්‍රශ්න, කරදර මේ හැමදේම මැද ගෙවෙන තේරුම්ගන්න අපහසු ගමන්මගක් තමයි මේ ජීවිත ගමන.
සමහර වෙලාවට මේ ජිවිතේ අහන්න දකින්න ලැබෙන සමහර දේවල් හරි පුදුමයි.
පිටින් ලස්සනට පේන්න තියෙන ජීවිත ඇතුලේ සමහර වෙලාවට ගැබ්වෙලා තියෙන කඳුලු කතා ඇහුවම දරාගන්නත් අමාරුයි.
මේ කියන්න යන්නෙත් ලස්සන ජීවිතයක් ගණිකාවක් තැනට පත්වෙලා අවලස්සන වුණු කතාවක් ගැනයි.

ගණිකාවකගේ දින පොතින්…

හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත්ම..
කෙස් ගහක් දෙකක් පැහුනට
පරණ පෙම් පාටමයි ඇස්වල..
උඩු රැවුලකුත් වවල ඇත්තට
මතකයි ඉස්කෝල කාලෙ
තිබ්බ ආසව ඕකට…
කියන්නකො ඉතින් කොහොමද
නෝනට එහෙම??????
ඇයි ඉතින් කඳුලු ඇස් වල…
ඔයා රට යනකොට
බඩට මාස දෙකයි යන්තමට..
අම්මට අහුවුණා
කනකොට අන්නාසි ගැට..
ඊට පස්සෙ මම හිටියෙ
ලොකු අම්මලගෙ ගෙදර..
හම්බ වෙනකොටම නැති උණා
ඔයාගෙ ලේ උරුමෙ මට..
සමාව දෙන්න රත්තරන්
මොනා කරන්නද මම..
ඊටත් පස්සෙ ,
කාලයක් උන්න අංගොඩ..
අම්මවත් ආවෙ නෑ බලන්න…
එහෙන් පැනල යනකොටයි
හම්බ උනේ “මැඩම්”ව මට…
සලකපු තාලෙට හිතුනෙම නෑ
නපුරක් මට….
නාඳුනන මිනිහෙක් අතින්
දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට
යන්තම් විසි දෙකයි මට…..
නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද
මගෙම කරුමෙ ට….
ගෙදර ගියෙ නෑ ඉතිං
ආයෙත් මම….
අම්මෝ!!!!!අවුරුදු විස්සකට කිට්ටුයි
මේ වෙනකොට…..
බිස්නසුත් නෑ දැන්නම් මට,
ඉඳල හිටල එන කස්ටමර් කෙනෙක් අරුනම….
වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර..
ඒත්,
හීනෙකින් වත් හිතුවෙ නෑ
ජීවිතෙ හම්බ වෙයි කියල
හොටෙල් කාමරයක් ඇතුලෙ
ආයෙමත් මට……
අනේ රත්තරන් ,
ඔළුව උස්සල බලනව ද
ඉස්සර වගේ ලස්සන නැද්ද මම…
එකම එක පාරක් අයෙත් කියනවද
ආදරෙයි කියලා..
සත පහක් එපා මට ……..



from Gossip Lanka News & Video https://ift.tt/2qml5YL
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();