ඊයේ දිනයේ පැවති විශ්වාස භංගයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්දව ඡන්දය ලබා දුන්නද තව දුරටත් ඇමතිවරුන් ලෙස ආණ්ඩුවේ කටයුතු කරන බව විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප ඇමතිවරුන් සදහන් කරති.
විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප ඇමතිවරුන් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන්නද ඇමති ධුරවලින් හෝ ආණ්ඩුවෙන් ඉවත් නොවන බවද බවද කීහ.
ඇමති දයාසිරි ජයසේකර මහතා බීබීසී සේවය සමග අදහස් පල කරමින් කියා ඇත්තේ ඇමතිවරයෙක් ලෙස කව දුරටත් ආණ්ඩුවේ කටයුතු කරන බවයි.
පක්ෂ නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණයකට එකග බවත් ඇමතිකම් දැරීම හෝ නොදැරීම ආන්ඩුවේ සිටීම හෝ නොසිටීම ගැන පක්ෂයක් ලෙස තීරණය කරන බවයි.
ජනාධිපතිවරයා විසින් තීන්දු කරන තෙක් ඇමති ධුර දරන බවද ඔහු පැවසීය.
ඇමති එස්.බී. දිසානායක මහතා පවසන්නේ ශ්‍රීලනිප ඇමතිවරුන් ගැන තීරණය කිරීම ඇත්තේ ජනධිිපතිවරයා අත බවත් එජාපයට උවමනා ලෙස වැඩ කිරීමට සූදානම් නැති බවත්ය.
රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාද සදහන් කර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම ශ්‍රීලනිප ප්‍රධානියාද ජනාධිපතිවරයා නිසා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය ගැන රැස්වී තීරණයක් ගනා බවයි.
මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන හවුල් ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාම සදහා විශ්වාස භංගයට ඡන්දය දුන් නොදුන් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් කැමැති වනු ඇති බවයි.
The post ආන්ඩුවෙන් ඉවත් වන්නේවත් ඇමතිකම් අතහරින්නේවත් නෑ..! – ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් කියති.. appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments