ප්‍රවීන මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා 2008.05.22 දෙහිවලදී පැහැරගෙන යාමේ සිද්ධයට ඇදාළව ඒ සඳහා ආධාර අනුබල දීමේ වරද මත එවකට හමුදා බුද්ධි අධ්‍යක්ෂකව සිටි විශ්‍රමික මේජර් ජෙනරාල්, ආරක්ෂක විද්‍යා පිටයේ සේනා විධායක අමල් කරුණාසේකර අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු යුධ හමුදා රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර මේවන විට අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයේ යුධ හමුදා රෝහලේ නෙවාසිකව සිටින බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව ගල්කිස්ස මහේසුත්‍රාත් වෙත දැනුම්දීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
The post මාධ්‍යවේදී කීත් නෙයාර් පැහැරගෙනයාමට අදාළව මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments