ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත්කරල ලද විශ්වාසභංග විවාදය අද දිනයේ උදෑසන 10 සිට පැවැති අතර එය රාත්රී 9.30ට අවසන්විය.
එහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඉතා උණුසුම් අයුරින් විවාදයේ අදහස් දැක්වූ අතර විවාදය අවසානයේ ජන්ද විමසීම පැවැත්විණි.
ඒ අනුව අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට විපක්ෂව ජන්ද 122ක් ලැබුණු අතර පක්ෂව ජන්ද 76ක් ලැබුණි. මැති ඇමතිවරු 26ක් ජන්දය ප්රකාශ කිරීමෙන් වැලකී සිටියේය.
ඒ අනුව ඒකාබද්ධය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය වැඩි ජන්ද 46කින් පරාජයට පත්කිරීමට අගමැති ප්රමුඛ එජාපට හැකිවිය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවූහ
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය
from Gossip Lanka News & Video https://ift.tt/2q5nmrR
via internet
0 Comments