ලෝක වෙළෙඳපොළේ 2018 ජනවාරි සිට මේ වන විට බොර තෙල් මිල අඛණ්ඩ වැඩි වීමක් වාර්තා වුව ද එහි බර ජනතාව මත පැටවීම වැළැක්වීමේ අරමුණෙන් ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය කටයුතු කර ඇත.
ඒ අනුව මෙතෙක් පෙට්‍රල් ලීටර් එකක් සඳහා අය කරන ලද රුපියල් 35 තීරු බද්ද රුපියල් 12 දක්වා ද, ලීටර් එකකට රුපියල් 15ක් වූ ඩීසල් මත වූ බද්ද රුපියල් 4 දක්වා ද අඩු කර ඇත.
මෙම බදු අඩු කිරීමෙන් සිදුවන්න වූ පාඩුව රජය දරා ගනුයේ රජය විසින් සුබ සාධන සහ සංවර්ධන කටයුතු කරනු ලබන වියදම් මධ්‍යයේ ය. 2018 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 760ක මුදලක් වෙන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවෙන් 70%ක් ම නිමි භාණ්ඩ ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ආනයනය කරනු ලබයි. 2015 වන විට අමෙරිකානු ඩොලර් 49.49ක්ව තිබූ බොර තෙල් බැරලයක මිල 2017 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් 54.95 දක්වා වැඩි විය.
2018 මාර්තු වන විට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63.07 දක්වා වැඩි වී ඇති අතර එය ඉදිරියේ දී ඇමරිකානු ඩොලර් 70 උපරිමය දක්වා වැඩි වන ඇතැයි අනාවැකි පළ වී තිබේ.
ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව ශ්‍රී ලංකාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 132.37 දක්වා මේ වන විට වැඩි වී ඇත. එමෙන් ම ඩීසල් ලීටර් එකක නිෂ්පාදන පිරිවැය මේ වන විට රුපියල් 135 දක්වා වැඩි වී ඇත.
එසේ වුව ද එහි පාඩුව විඳදරා ගනිමින් පෙට්‍රල් ලීටරයක් රුපියල් 117ටත්, ඩීසල් ලීටරයක් රුපියල් 95ටත් 2015 වසරේ සිට මේ වෙන තෙක් අලෙවි කෙරේ.
The post පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 23කින්, ඩීසල් ලීටරයක් රුපියල් 11කින් බදු අඩු කෙරේ..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments