Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරේ නව නාවික, යුධ ආඥාපතිවරු හමුවෙති

උතුර බාර නව නාවික ආඥාපති රියර් අද්මිරාල් පී එම් වික්‍රමසිංහ  මහතා අද දින යාපනය ආරක්ෂක මූලස්ථානයේදී යුධ හමුදා ආඥාපති  මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා මුණ ගැසුණි.

 
රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා පසුගිය පෙබරවාරි 25 උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම සිදු කෙරිණි.
නව පත්වීමෙන් පසුව සම්ප්‍රධායානුකූලව නාවික - යුධ හමුදා ආඥාපතිවරු  හමුව මුල් වරට සිදුවූයේ අද පෙරවරුවේදීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();