Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උදයංගත් - මෙරට ඥාතීන් අතර දුරකතන හුවමාරු මුළුමනින් නැවතිලා

Author(s): 
විජයානි එදිරිසිංහ

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මෙන්ම මෙරට මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු වූ උදයංග වීරතුංග සහ ඔහුගේ මෙරට සිටින ඥාතීන් අතර සිදුවෙන දුරකතන හුවමාරු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව මෙරට සහ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු තහවුරු කර තිබේ.

උදයංග වීරතුංග මහතා නැවතී සිටින රට සහ එම ස්ථාන පිළිබඳ දුරකතන කුළුණු වාර්තාවලින් හෙළිවනු ඇතැයි යන සැකය මත ඔහු සහ ඔහුගේ මෙරට සිටින ඥාතීන් විසින් සාකච්ඡා කරගෙන එම සූක්ෂම වැඩ පිළිවෙළ අනුගමනය කරනු ඇතැයි ආරක්ෂක අංශ සැක පහලකරයි. එහිදී ඔහු වෙනත් පුද්ගලයන් හරහා ඥාතින් අමතනු ඇතැයි ද සොයා ගැනීමට පරීක්ෂණ සිදුකරයි.

ඩුබායිහිදී විදෙස් ගමන් බලපත්‍ර තහනම මත ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර අවශ්‍ය අවස්ථාවක එරට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමෙන් පසු ආරක්ෂක විධිවිධාන මත ඔහු නිදහස් කර තිබුණත් ඔහු එරටට ලබාදී ඇති ලිපින හැර ගොස් ඇති බවද, හෙළිකරගෙන තිබේ. කෙසේ වෙතත් ඔහුට විදෙස් ගමන් බලපත් නොමැති බැවින් ඔහුට නීත්‍යානුකූලව එරටින් පිටව යාමට නොහැකි බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

ඩුබායිහි පිහිටි උදයංග වීරතුංග මහතාගේ ඥාතියකුට අයත් සුපිරි හෝටලයක මොහු සති දෙකක පමණ කාලයක් නැවතී සිට ඇති බවට ජාත්‍යන්තර පොලිසියට ලැබී තිබූ තොරතුරු මත එම හෝටලයද පරීක්ෂාවට ලක්කර තිබේ.

උදයංග වීරතුංග සහ ඔහුගේ ඥාතීන්ට අයත් කෝටි ගණන් මුදල් ඩුබායි මූල්‍ය ආයතනවල ගිණුම්ගත කර ඇති බව පවසන මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔවුන් ඒවායේ කටයුතු සඳහා යම් අවස්ථාවක අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය යුතු බව ද පවසයි.

උදයංග වීරතුංග වෙනුවෙන් මේ වනවිට තුන්වැනි වරටත් වරෙන්තු නිකුත්වී තිබේ.

මොහු ජාත්‍යන්තර වංචාකරුවකු බවට ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයටද එකතු කර ඇත. ඒ අනුව ඔහු ඩුබායි රටෙන් හොර රහසේ පිටව ගොස් තිබුණත් වෙනත් ඕනෑම රටකට ඇතුලුවන විට හෝ පිටවනවිට ඔහු අනිවාර්යෙන්ම අපරාධකරුවන්ගේ ජාලය හරහා කොටුවනු ඇති බව ද කියයි. උදයංග වීරතුංග ඔහුගේ ෆේස්බුක් හා අන්තර්ජාලය හරහා විවිධ ප්‍රකාශ නිකුත් කරනු ලබන බැවින් නව තාක්ෂණික ක්‍රම ඔස්සේ ඔහු එසේ සිටින ස්ථානය කොටුකර ගැනීමට ද පරීක්ෂණ සිදුවෙති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();