Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාතාලය මර්දනය සාර්ථකව ක්‍රියාත්මකයි

පාතාලය මැඬලීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එය මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත් නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකාය යටතේ පාතාලය මර්දනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව ද ඒ අනුව ඉතා ඉක්මණින් පාතාලය පාලනය කිරීමට හැකිවෙන බව ද ඇමැතිවරයා ඊයේ (21) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් පැවසීය.

මාකඳුරේ මදුෂ් නැමැත්තෙකු පිටරටක සිට මෙරට සිදු කරන ඝාතනය හා මෙහෙයවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ, අද වන විට නව තාක්ෂණය, නවීන දුරකතන ආදිය වර්ධනය වී තිබෙන බැවින් පිටරටක සිට මෙවැනි දේ සිදු කිරීමට හැකියාව පවතින බවයි.

පාතාල කල්ලි තවත් පාතාල කල්ලි සමඟ ගැටුම් ඇති කර ගනිමින් සිදු කරන අපරාධ හා පහරදීම් වර්තමානයේදී වර්ධනය වී තිබෙන බවත් මේවා මර්දනයට ගනු ලබන පියවර ගැන රහස්‍යභාවය නිසා මාධ්‍යයට කරුණු හෙළි කළ නොහැකි බවත් කීවේය.

මෙහිදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා,

වැලිකඩ හිරගෙදර ඉදලත් පාතාල කල්ලි විවිධ අපරාධ ක්‍රියා ක්‍රියාත්මක කරනවා නම් පිටරටක ඉදලා කරන්න බැරි නැහැ. පසුගිය රජය සමයේ අත්අඩංගුවට ගත් අයට සිදු වු දේ මාධ්‍ය දන්නවා. අපිට එහෙම කරන්න බැහැ. එහෙම කළොත් මාධ්‍ය විසින් අපෙන් ප්‍රශ්න කරයි. ඒ නිසා ක්‍රමානුකූල, විධිමත් වැඩපිළිවෙළක් පාතලය මර්දනයට අවශ්‍ය කරනවා. යැයි කීවේය. 

සිතාරා සේනානි, සමන්මලී ප්‍රියශාන්ති

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();