Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පූතුර් විද්‍යාලයීය දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සැපිරේ

අග‍්‍ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ විසින් උතුරේ වෙසෙන දරුවන්ගේ අධ්‍යාපනික උන්නතිය වෙනුවෙන් පිහිටු වනු ලැබූ පූතුර්, මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ උළෙලක් අද  පෙරවරුවේ පැවැත්විණ.
 
තුර්ය වාදක උපකරණ, නිළ අැදුම් සහ විදුලි පංකා කට්ටල එහි දී පිරිනැමුණු අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉහලින් සමත් එම විද්‍යාලයේ දරුවන් තිදෙනා හට පාපැදි ප‍්‍රධානය කිරීමක් ද සිදු කෙරිණ.
 
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව ධර්ම විජය පදනම සම්බන්ධිකරණයෙන් ජර්මනියේ පදිංචි ඇල්ෆඩ් ෆැචර් ඇතුලු පරිත්‍යාග ශිලින් රුපියල් දෙලක්‍ෂ පනස්දහසක් පමණ වටිනා මෙම භාණ්ඩ පරිත්‍යාග කරන ලදි.
 
මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි, 52සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, 51 සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝෂාන් සෙනවිරත්න සහ නිලධාරින් මෙන්ම ධර්ම විජය පදනමෙන් ලේකම් එච්, බි පේ‍්‍රමරත්න සාමය හා දයාව පදනමේ සභාහපති ලක්‍ෂමන් මහානාම අය ඇතුලු පිරිසක් සහභාගි විය.
 
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();