ජාත්‍යන්තර සූර්යබලශක්ති සමුළුව අමතමින් ජනපති කියයි
ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව, නිල්වන් පවිත්‍ර මිහිතලයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ප්‍රබල පිටුවහලක් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කෙළේය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර, රාෂ්ට්‍රපතිභවන්හිදී ඊයේ (11) පෙරවරුවේ පැවැත්වුනු ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මෙසේද පැවැසීය.
බලශක්ති අර්බුදය ලොව දියුණු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා තිබෙනවා. ඊට පූර්ව සූදානමක් ලෙස සූර්ය බලසංග්‍රාමය නම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ මේ වනවිටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වසර වනවිට මෙගාවොට් දහසක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකි වෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට උපයෝජනය සඳහා මෙගාවොට් 1 – 10 දක්වා වූ ධාරිතාවයකින් යුතු සූර්ය බලාගාර පිහිටුවීමේ වැඩසටහනක් ද ශ්‍රී ලංකාව තුළ දැනටමත් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. මෙවැනි සමුළු සඳහා ශ්‍රී ලංකාව නොමදව කැපවෙනවා. මෙම සුමළුව සඳහා ලබාදෙන නායකත්වය පිළිබඳව ප්‍රංශ ජනාධිපතිවරයාට සහ ඉන්දීය අගමැතිවරයාට මගේ ප්‍රසාදය පළකරනවා.
බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමටසූර්ය බලශක්ති තාක්ෂණය වැඩිදියුණු කර ගැනීම සූර්ය බල ව්‍යාපෘති සඳහා යන පිරිවැය අවම කරලීම ඇතුළු ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ප්‍රථම වරට මෙම සමුළුව පැවැත්වෙයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්‍රොන් මහතා සංවිධානය කළ මෙම සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ලොව රටවල් රැසක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් එක්ව සිටියහ.

0 Comments