ඩොලර් බිලියන 8.9 ක වත්කමක් හිමි සීමාසහිත ක්‍රවුන් රිසෝට්ස් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලෝ පතළ ඔස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ඉල්ලා අස්වී ඇති බව ඔස්ට්‍රේලියානු පුවත්පත් පවසා සිටී. මෙයට හේතුව වී ඇත්තේ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය බව පැවසේ.
ලොව 7 වැනි විශාලතම කැසිනෝ සමාගම වන ක්‍රවුන් සමාගමේ 47% ක කොටස් හිමි 50 හැවිරිදි පැකර් ඉවත්වීමට මූලික හේතුව වී ඇත්තේ ගායිකාවක වන මාරියා කේරි සමග තිබූ සම්බන්ධය කඩාවැටීම සහ ක්‍රවුන් සමාගමේ ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උඩ ඇතිවූ මානසික කඩාවැටීමත් බව එම වාර්තා වැඩිදුරටත් සදහන්කරයි.
පැකර්ගේ ප්‍රකාශකයකූ කියා සිටියේ ” මේ අවස්ථාවේ පැකර් මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය හොද නෑ. එමනිසා ඔහු තීරණය කර තිබෙනවා. ක්‍රවුන් සමාගමේ ඔහු දැරූ සියලු තනතුරු වලින් සහ වගකීම් වලින් ඉවත්වන්න.” යනුවෙනි.‘
මෙම තත්ත්වය මත සමාගමේ කොටස් 1.4% කින් පහත බැස ඇත.එසේම මේ වනවිට සීමාසහිත ක්‍රවුන් රිසෝට්ස් සමාගමේ කොටස්කරුවන් විසින් සමාගමේ චීනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට කිසිවක් නොදැන්වීම පිළිබදව සමාගමට විරුද්ධව නඩුවක්ද පවරා තිබේ.
ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපාරය ලංකාව තුල ව්‍යාප්ත කිරීමට මීට කලකට පෙර ප්‍රභල උත්සාහයක නිරතවිය.

The post ලංකාවට කැසිනෝ ගේන්න දත කෑ පැකර්ගේ මනස අවුල් වෙයි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

0 Comments