Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවසන් පන්දුවේදී හයේ පහරකින් තරගාවලියක ජය තහවුරු කළ ලොව දෙවැනි පිතිකරු කාර්තික්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

 කොළඹදී නිමාවූ නිදහස් කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවට විශ්මිත ජයක් හිමිකර දුන් දිනේෂ් කාර්තික් රටවල් දෙකකට වැඩි ගණනක් සහභාගීවූ ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකදී හයේ පහරකින් ජයග්‍රහණය තහවුරු කළ ලොව දෙවැනි පිතිකරු ලෙස ඉතිහාසයට එක්විය.

මෙයට පෙර මෙවැනි දක්ෂතාවක් දක්වා ඇත්තේ 1986දී සාජා නුවරදී ඉන්දියාව, පාකිස්තානය හා හා ශ්‍රී ලංකාව සහභාගීවූ ඔස්ට්‍රේෂියා ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානයේ ජාවේඩ් මියන්ඩාඩ් පමණි. එම තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් පන්දුවේදී පාකිස්තානය ජය ලැබීමට නම් ලකුණු 4ක් ලබාගත යුතුව තිබුණි. ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක චේතන් ෂර්මාගේ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ජාවේඩ් මියන්ඩාඩ් අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් තම කණ්ඩායමට ජය වාර්තා කර දුන්නේය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති බංග්ලාදේශ - ඉන්දියා නිදහස් කුසලාන අවසන් තරගයේදී ඉන්දීය පිලට නිදහස් කුසලානය රැගෙන යෑමට නම් අවසන් පන්දුවේදී ලකුණු 5ක් ලබාගත යුතුව තිබූ අතර දිනේෂ් කාර්තික් විසින් බංග්ලාදේශයේ සෞම්‍ය සාර්කර්ගේ පන්දුවට ලකුණු 6ක් ලබා ජය තහවුරුකරන ලදී. කාර්තික්ගේ එම ආශ්වාදජනක ඉනිමට හයේ පහර 3ක් හතරේ පහර දෙකක් ඇතුලත්වූ අතර පන්දු 8කදී වාර්තාවූ ලකුණු 29 අමතක නොවන ඉනිමක් වනු ඇත.

තමිල්නාඩුවේ චෙන්නායී නුවරදී උපත දල 32 හැවිරිදි දිනේෂ් කාර්තික් මෙවර කණ්ඩායමට එක්වූයේ නිත්‍ය කඩුලු රකින පිතිකරු එම්. එස්. දෝනීගේ පුරප්පාඩුවකටය. දෝනී කණ්ඩායමේ සිටි සෑම අවස්ථාවකම කාර්තික් එළියේ සිටි ක්‍රීඩකයෙකි. එහෙත් දෝනීගේ අඩුව පිරිමසමින් කාර්තික් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 23ක්, එක්දින තරග 79ක් හා විස්සයි 20 තරග 19ක් මේවනවිට ක්‍රිඩාකර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();