තවත් වසර 6ක් සඳහා රුසියාවේ නායකත්වය නැවතත් හිටපු ජනාධිපතිවරයාටම හිමි වන බව තහවුරු වී තිබේ. ඒ මෙතෙක් ගණන් කරන ලද ඡන්ද සංඛ්‍යාවෙන් 76% කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. වාර්තා වන අන්දමට පුටින් පසුගිය වර ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණයේ දී ලබා ගැනීමට ඔහු සමත් වී තිබේ. 2012 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී ඔහු ලබා ගත්තේ 64% ක ඡන්ද ප්‍රමාණයකි.
පූර්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මොස්කව් ජන රැලියක් අමතමින් ඔහු කියා සිටියේ පසු ගිය වසර කිහිපයේ ලද ජයග්‍රහණ ඡන්දදායකයන් විසින් හඳුනාගෙන ඇති බවයි.
ඉදිරි පාලන කාලයෙන් පසු තවත් වසර 6ක් ජනාධිපති තනතුරේ සිටීමට අදහස් කරනවා දැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ පැනයට සිනාසෙමින් පිළිතුරු දුන් පුටින් පැවසුවේ ඔවුන් එසේ පැවසීම විහිළුවක් බවයි. "අවුරුදු 100ක් වනතුරු මම මෙතැන සිටියි කියා ඔබ සිතනවාද? නෑ! " යි ඔහු ඊට පිළිතුරු සපයමින් පැවසීය.මෙවර රුසියානු ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ වූ පවෙග් ගෘඩිනින් ලබාඇති ඡන්ද ප්‍රතිශතය 13%ක් වන අතර ජනාධිපති සටනේ සිටි සෙනියා සොබ්චක් ලබා ඇත්තේ 2%කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි. ව්ලැද්මිර් සිරිනොව්ස්කි 6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බව වාර්තා වේ .

0 Comments