පුවත්පත් වල මංගල දැන්වීම් ඔස්සේ හමුවී යහපත් විවාහ දිවියක් ගත කරන පුද්ගලයින් මෙන්ම විවිධ වංචාවන්ට හසුව ජීවිතය විනාස කරගත් කාන්තාවන් මෙන්ම පිරිමින්ද කොතෙකුත් ඇත. තම බිරිඳ මිය ගිය පසු දැනුන පාළුව තනිකම මකාගන්න මහත නැති සිහින් සිරුරක් හිමි කාන්තාවක් අවශ්‍ය බව කියමින් මංගල දැන්වීමක් දැමු පුද්ගලයෙකුට නොහිතපු කරදරේකට මුහුණ දෙන්න උනු සිදුවීමක් වාර්තා වෙනවා.
අවිස්සාවේල්ල මාදොළ පැත්තේ පදිංචි 67 හැවිරිදි විශ්‍රාමික බැංකු කළමනාකාරවරයක් තමාට කෙට්ටු ශරීරයක් ඇති කාන්තාවක් අවශ්‍ය බව පවසලා මීට වසර දෙකකට පමණ පෙර පුවත්පතක පළ කළ මංගල දැන්වීමකට මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ 54 හැවිරිදි කාන්තාවක් දුරකතනයෙන් කතා කරලා තියෙනවා.
ඔහුට අවශ්‍ය ආකාරයේ තමන්ගේ යෙහෙළියක් මෙහෙණින් වහන්සේ නමක් යටතේ ආවතේව කරගෙන සේවය කරන බවත් ඇයව හඳුන්වා දිය හැකි බවත් පවසා තමන්ගේ යෙහෙළිය ලෙසද මෙකී කාන්තාවම දුරකතනයෙන් කතා කර තිබෙනවා.
වසර දෙකක පමණ සිට දෙබිඩි චරිතයක් රඟපාන මෙම කටහඬවල් දෙකම එකක් බව මෙම පුද්ගලයාට තේරිලා ඇයගෙන් ඒ ගැන විමසුවද ඇය විවිධ දේවල් පවසමින් එය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙම වසර මුලදී ඇය පවසා ඇත්තේ ඇයට ඔහු දැක්මට අවශ්‍ය බවයි. ඒ සඳහා ඔහුගේ ඇති කැමැත්ත මත මොනරාගල සිට බසයකින් රාත්‍රී 11.30ට පමණ ඇය ඇවිත් තියෙනවා. එහිදී ඔහුට තරු පෙනී ඇත්තේ ඔහු බලාපොරොත්තු වූ කෙසඟ සිරුර වෙනුවට තරබාරු ශරීරයක් ඇති කාන්තාවක් පැමිණ ඇති බව දැකීමෙනි.
කරකියා ගැනීමට දෙයක් නොමැති වූ ඔහු ඇයව තම නිවෙසට රැගෙන ගොස් නිවසේ වැඩපළ කටයුතු බලාගෙන සිටින්නැයි අවසානයේ පවසා තිබෙනවා. ඇය තම නිවෙසට පැමිණ සතියකට පමණ පසු සිරුරට රැවටුණු පුද්ගලයාට පෞද්ගලික අවශ්‍යතාවකට කුරුණෑගල ප්‍රදේශයට යෑමට සිද්ධවෙලා තියෙනවා.
එදිනම රාත්‍රී ඔහුගේ අසල්වැසියන් දැක ඇත්තේ එම නිවෙසට ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයෙක් හා තරුණියක් මෙම කාන්තාව සමඟ එක්ව දඩිබිඩියේ නිවසේ ඇති බඩු භාණ්ඩ එම ත්‍රී රෝද රථයට පටවන අයුරුයි.
අසල්වැසියන් මේ ගැන නිවසේ හිමිකරුට දුරකතනයෙන් පවසා ත්‍රී රෝද රථයේ අංකයද සටහන් කොටගෙන තිබෙනවා.
තම නිවෙසට පැමිණි ඔහුට නිවසේ තිබූ ලක්ෂ 3ක පමණ භාණ්ඩ අතුරුදන් වී ඇති බව දැක ඒ සම්බන්ධව අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එම සිද්ධියෙන් පස්සේ කාන්තාවගේ ජංගම දුරකතනයද නිහඬ වී ඇති අතර පොලිස් නිලධාරීන් බඩල්කුඹුර ප්‍රදේශයට ගිය පසු ත්‍රිරෝද රථයේ හිමිකරු පොලිසියට පවසා ඇත්තේ ත්‍රී රෝද රථය තමාගේ බවත් එය තවත් පුද්ගලයකුට කුලී පදනම මත දී ඇති බවත්ය.
එම පුද්ගලයා සමඟ ත්‍රී රෝද රථය ඇති නිවෙසට ගිය පොලිසියට එම ත්‍රී රෝද රථය බඩු භාණ්ඩ සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. සැකකාරිය දියණියන් දෙදෙනකුගේ මවක වන අතර මෙම සොරකමට ඇයගේ 22 හැවිරිදි දියණිය හා ස්වාමිපුරුෂයා පැමිණ ඇති බවටත් අනාවරණය වී තිබුනි.
from Gossip Lanka News & Video http://ift.tt/2u4aqXI
via internet

0 Comments