මැනුවල් ඩැනි යල්සින්ගේ රට ස්විඩනය. එහෙත් ඔහු ඉපදුනේ ශ්‍රී ලංකාවේ. ඒ දැනට වසර 45කට පෙරය. ශ්‍රී ලංකාවේදී උපන් මැනුවල්ට ශ්‍රී ලංකාවේදී යොදා ඇති නම අජිත්ය. අජිත් උපත ලබා ඇත්තේ 1973 ජුනි මස 12 වැනිදාය. ඒ මොරටුව රෝහලේදීය.
අජිත් මෙලොව එළිය දුටු අවස්ථාවේදීම මවුපියන් ඔහු රෝහල අසලම තබා ගොස් තිබිණ. බිළිදාගේ මවුපියන් සොයාගත නොහැකිවූ තැන අධිකරණ නියෝගයක් මත බිළිදු පානදුර ප්‍රජාපති ළමා නිවාසයේ රඳවා ඇත. මාස 6ක් පමණ අජිත් බිළිදා ළමා නිවාසයේ රඳවා සිටියදී දරු සෙනෙහස උතුරා ගිය ස්විඩන් ජාතික යුවළක් අධිකරණයේ අවසරය මත නීත්‍යානුකූලව අජිත් දරුකමට හදා ගැනීමට බාරගෙන ඇත.
ඒ අනුව අජිත් ස්විඩනයට ගෙනගොස් ඇත්තේ 1973 දෙසැම්බර් 6දාය. ඒ වනවිට ඔහුගේ වයස මාස 6කි. අජිත්ගේ ස්විඩන් පියා ගුනර් ඩැනියල්සන්ය. මව සොෆියා ඩැනියල්සන් වූවාය. පියා ගුරුවරයෙකු වශයෙන් හා මව තවත් රැකියාවක් කර විශ්‍රාම ලබා ඇත. අජිත් හෙවත් මැනුවෙල් ඩැනියල්සන්ගේ දැන් වයස අවුරුදු 45කි. ස්විඩනයේ ඉහළ පෙළේ රැකියාවක නිතරව සිටි. විවාහකයෙකු වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකි. බිරියද රැකියාවක නිරතව සිටින්නීය.
කොටින්ම කියතොත් අජිත් දැන් විශාල ධනවතෙකි. ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාවේ මවුපියන් සොයාගෙන ඔවුන්ට අවශ්‍ය උපකාර කිරීමටය.
“කුමන හෝ හේතුවක් නිසා මගේ අම්මා තාත්තා මාව දමා යන්න ඇති. මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. සමහරවිට මාව හදා ගන්න වත්කමක් නැති නිසා මා රෝහල අසල දමා යන්නත් ඇති. ඒ නිසා මම මගේ අම්මා තාත්තා සමග කිසිම තරහක් නැහැ. මම දැන් ධනවතෙකු වී සාර්ථක ජීවිතයක් ගත කරන්නේ අම්මා තාත්තා මාව මොලොවට බිහිකළ නිසයි. ඒ නිසා ඒ ණය මම ගෙවන්න ඕනේ”
මට මගේ ලංකාවේ අම්මා තාත්තා හමුවුණොත් ඔවුන්ටත් ඉහළ ජීවිතයක් ගත කරන්න පහසුකම් දෙන්න මට පුළුවන්. ඒ නිසා මම අම්මගෙන් තාත්තගෙන් ඉල්ලන්නේ අම්මේ. තාත්තේ …. මට ඔයාලව ඕනේ. එයලට සලකන්න ඕනේ. ඒ නිසා මට ඔයාලා හමුවෙන්න ක්‍රමයක් හදලා දෙන්න කියලයි යැයි මැනුවෙල් ඩැනියල්සන් පවසයි.
1973 ජුනි 12 දා මොරටුව රෝහලේදී උපන් අජිත්ගේ මවුපියන් පිළිබඳ තොරතුරක් වෙතොත් 0779558747 දුරකථන අංකයට රොයිස් ගම්හේවා මහතාට දන්වන ලෙස කාරුණික ඉල්ලීමක් කෙරේ
from Gossip Lanka News & Video http://ift.tt/2D1IOBG
via internet
0 Comments