ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන් පිලට එක්කර ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර තිබේ.
මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් මිලදී නොගත් ලසිත් මාලිංග මුම්බායි පිලට එක්වන්නේ නව භූමිකාවක් සමගිනි. එහිදී ඔහු කණ්ඩායමේ වේග පන්දු උපදේශකයකු ලෙස කටයුතු කරනු ඇත.
අයී.පී.එල්. තරග බිමේ වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් තරග 110කට ක්‍රීඩාකර තිබේ.

0 Comments