Ticker

    Loading......

Header Ads Widget

"ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය,"

අද සවස හතරට අවසන් වූයේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණවලින් එකක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ප්‍රධානී ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ඒ බව සඳහන් කළේ ඡන්ද විමසීම අවසානයේ ප්‍රකාශයක් කරමිනි.

එමගින් අදහස් වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදු නොවූයේය යන්න නොවන බවත්, රට පුරා විවිධ ස්ථානවල හටගත් සුලු සිදුවීම් ගණනාවක් පිළිබඳව වාර්තා වී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අතරින් 08 දෙනෙකු මැතිවරණ අපේක්ෂකයන්ය.

පැෆරල් (PAFFREL) සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබෙන වාර්තාවකට අනුව, ඡන්ද විමසීම අවසාන වනවිට රට පුරාම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 180 කට අදාළව උල්ලංඝන 211 ක් වාර්තා වී තිබිණ.

එම සංවිධානය පවසන පරිදි ඒ අතරින් 22 ක් බරපතල ගණයේ සිදුවීම්ය. ඒ අතරින් 10ක්ම බරපතල ගණයේ පහරදීමේ සිදුවීම්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();