Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාවික - මහනුවර හැව්ලොක්ස් සහ සී.ආර්. අවසන් පූර්ව වටයට

Author(s): 
ෆවුස් මොහොමඩ්

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නාවික, මහනුවර, හැව්ලොක්ස් සහ සී.ආර්. කණ්ඩායම් සුදුසුකම් ලබා සිටී. අර්ධ අවසන් පූර්ව වටයේ සිට ආරම්භ වූ මේ තරගාවලියේ පළමු දිනයේ දී පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 36-28ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදා පිල සමත්වූ අතර ගුවන් හමුදා පිල ලකුණු 53-14කින් පරදවා අවසන් පූර්ව වටයට එක්වීමට පෙරේදා මහනුවර පිල සමත්විය. යුද හමුදා පිලට එරෙහිව ලකුණු 41-20ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් පිල සමත්වූ අතර සී.ආර්.පිල අවසන් පූර්ව වටයට පිවිසියේ සී.එච්. කණ්ඩායම ලකුණු 46-29කින් පරාජය කරමිනි.

මෙවර තරගාවලියේ මහනුවර සහ සී.ආර්. කණ්ඩායම් අතර අවසන් පූර්ව තරගය 21 වැනිදා පල්ලෙකැලේදී පැවැත්වෙන අතර එදිනම පස්වරුවේ හැව්ලොක්ස් පිල සහ නාවික හමුදා පිල අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. කොළඹ තුරඟ තරග පිටියේදී පොලිස් කණ්ඩායම සමග තරග වැදුණු ලීග් තරගාවලියේ අනුශූරයන් වන නාවික හමුදා පිල පළමු භාගයේදී ලකුණු 17-14කින් පෙරමුණ ගත්තේය. නාවික හමුදා පිල තරගය පුරා ගෝල් 4ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් වාර්තා කළ අතර පොලිස් කණ්ඩායමට රැස් කිරිමට හැකිවූයේ ගෝල් 4ක් පමණි.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදා පිල සමග තරගයට එක්වූ ලීග් ශූර මහනුවර කණ්ඩායම තරගය පුරා උත්සාහක දිනුම් 8ක් තැබීමට සමත්විය. ඉන් උත්සාහක දිනුම් 5ක්ම ගෝල බවට පත්කර ගත් මහනුවර පිල දඬුවම් පහරක් ද සාර්ථක කරගත්තේය. ගුවන් හමුදා පිල ගෝල් 2ක් ලබාගත්තේය. පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 26-0කින් මහනුවර පිලට පෙරමුණ ලබාදෙමිනි.

සී.එච්.පිලට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේ පැවැති තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 22-15කින් පෙරමුණ ගත් සී.ආර්.පිල තරගය පුරා ගෝල් 4ක්, උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහරක් ලබාගත් අතර සී.එච්.පිල ලැබුවේ ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

යුද හමුදා පිලට එරෙහිව පොලිස් පිටියේදී පෙරේදා තරග වැදුණු හැව්ලොක්ස් පිල ගෝල් 3ක්, උත්සාහක දිනුම් 2ක්, දඬුවම් පහරක් සහ පැනල්ටි ට්‍රයි දිනුමක් ලැබූ අතර යුද හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් පමණි. තරගයේ පළමු භාගය නිමාවනවිට හැව්ලොක්ස් පිල ලකුණු 19-10කින් පෙරමුණ ගත්තේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();