Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලදිවයින ප්‍රශ්නයට අත දාන්න ඉන්දියාවට කිසිම අයිතියක් නෑ

 මාලදිවයිනේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදයට මැදිහත් වීමට ඉන්දියාවට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැතැයි චීනයේ පවසයි.

ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරයෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහාය ඉල්ලීමත් සමඟ චීනය එසේ ප්‍රතිචාර දක්වා ඇත.

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පසු රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමටත් සහාය වන ලෙස එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනය යටතේ මාලදිවයින චීනය සමඟ සමීප සබඳතා පවත්වන අතර ඉන්දියාව සමඟ පැවති සබඳතා පළුදු වී තිබේ.

මාලදිවයින චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද අත්සන් තබා තිබෙන අතර මාලදිවයින චීනයෙන් ඩොලර් මිලියන ගණනින් ණය ආධාර ද ලබා ගනී. එමෙන්ම චීනය මාලදිවයිනේ ඉඩම් අල්ලා ගන්නා බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා කරනු දක්නට ලැබේ. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();