අද (10) සවස 4.00 වන විට 75% ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කරයි.
ඒ අනුව මාතලේ දිස්ත්‍රීකයේ 80% ක්,ගම්පහ දිස්ත්‍රික්කයේ 75 % ක් , නුවර එළිය දිස්ත්‍රික්කයේ 60% ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 80% ක් ,පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 75% ක් වශයෙන් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කළේය.
එසේම මාතර දිස්ත්‍රික්කයේ 70% ක්. කළුතර දිස්ත්‍රික්කයේ 80% ක් , ගාල්ල දිස්ක්කයේ 75% ක් , කුරුණෑගල දිස්ත්‍රික්කයේ 78% ක් , රත්නපුර දිස්ත්‍රික්කයේ 60% ක් , කෑගල්ල 70% ක් , අනුරාධපුර දිස්ත්‍රික්කයේ 85% ක් මහනුවර දිස්ත්‍රික්කයේ 52% ක් , යාපනය දිස්ත්‍රික්කයේ 47% ක් , කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 60% ක් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 85% ක් හා මුලතිව් දිස්ත්‍රික්කයේ 78% ක් වශයෙන්ද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
මේ අතර අද පස්වරු 2.00 වන විට මොනරාගල දිස්ත්‍රික්කය 80 % ක් හා බදුල්ල දිස්ත්‍රික්කය 65 % ක් ඉක්මවා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කය 73% ක් , මන්නාරම දිස්ත්‍රික්කය 70% ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 70% ක් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කරයි.
0 Comments