Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියානුවාගේ මොළයේ රත්තල් 2කට වඩා බර ගෙඩියක්

ඉන්දීය වෛද්‍යවරුන් විසින් 31 හැවිරිදි පුද්ගලයකුගේ මොළයේ තිබූ කිලෝ ග්‍රෑම් 1.8 (රාත්තල් 2.2) ක ගෙඩියක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර තිබේ. එය මෙතෙක් හමු වූ මොළයක ඇති වූ ලොව විශාලතම ගෙඩිය විය හැකි බව ශල්‍ය කර්මයට එක් වූ වෛද්‍යවරු පවසති‍.

මුම්බායි නගරයේ නයර් රෝහලේ දී සිදු කළ එම ශල්‍ය කර්මය සඳහා පැය හතක් ගත වී ඇත. ඔහු මේ වන විට භයානක තත්ත්වයෙන් මිදී ඇති බව වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය ත්‍රිමුති නද්කර්ණි පවසයි.

සාන්ත්ලාල් නම් මෙම පුද්ගලයා වසර තුනක් තිස්සේ මෙම මොළයේ ගෙඩිය සමග ජීවත් වී ඇති අතර ඒ හේතුවෙන් ශල්‍ය කර්මය සිදු කරන අවස්ථාව වන විට ඔහුගේ දෑස් පෙනීම නැති ව ගොස් තිබූ බව ඔහු සඳහන් කරයි. ශල්‍ය කර්මයෙන් පසු දෑස් ද යථා තත්ත්වයට පත්වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();