Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද කොළඹ නගරයේ පෙළපාලි තහනම්

අද දින කොළඹ නගරයේ පෙළපාලිවල නිරතවීම තහනම් බව පොලිස් මූලස්ථානය දැනුම්දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති කාල පරිච්ඡේදයක් බැවින් එම තීරණය ගත් බවයි.

මේ අතර සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පළ කරමින් සරසවි සිසුන් පිරිසක් ද අද කොළඹට පැමිණීමට නියමිතයි.

එහෙත් ඊට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝග දෙකක් ලබාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම වාරණ නියෝග ලබාගත් බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();