Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිළියන් පරදන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩ දාන සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවන් දස දෙනා මෙන්න

පිරිමෙන් මෙන්ද ගැහැණුන්ද මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් සමඟ ඔට්ටු වෙති. ලොව පුරා ක්‍රිකට් ජනප්‍රිය කරවීමටද කාන්තා ක්‍රිකට් තෝතැන්නක් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින සුරූපී ක්‍රීඩිකාවන් පිළිබඳව ලොවම අවධානය යොමු වෙද්දී 2017 වසරේ ලොව ලස්සනම ක්‍රීඩිකාවන් මෙසේ නම් කර තිබේ.

කෙසේ නමුත් පසුගිය වසරේ දැඩිව කතා බහට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා මෙම ලැයිස්තුවේ මුල් දසදෙනා අතරටවත් ⁣පැමිණ නොතිබීම කැපී පෙනෙන සිදුවීමකි.

10. මිතාලි රාජ් – ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන 35 හැවිරිදි මිතාලි රාජ් ලොව දස වැනි රූමත් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ. ඇය එක්දින තරඟ 186 කදී ශතක 6 ක සහ අර්ධ ශතක 49 ක් සමඟ ලකුණු 6190 ක් ලබා තිබේ.

1

2

3

09. මෙගාන් මොයිරා – 25 හැවිරිදි වියේ පසුවෙන මෙගාන් මොයිරා ලොව නවවැනි රූමත් ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ. ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇය දකුණත් පිතිකාරිනියක වන අතර, එක්දින තරඟ 63 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 11 ක් සමඟ මුළු ලකුණු 2999 ක් ලබා තිබේ.

4 5 6

08. කැතරින් හෙලන් – එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැතරින් හෙලන් ක්‍රිකට් රූමතියන් අතර අටවැනි තැනට පත්ව තිබේ. 1985 වසරේ උපත ලබා ඇති ඇය 2006 සහ 2010 යන වසරවල එංගලන්තයේ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගත්තාය.

7 Katherine Brunt 9

07. රොසාලි බර්ච් – 34 වැනි වියේ පසුවන එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ රොසාලි බර්ච් එක්දින තරඟ 37 කදී කඩුලු 46 ක් බිඳ දමා ඇති අතර ටෙස්ට් තරඟ 7 කට සහ විස්සයි විස්ස තරඟ 4 කට ඇය සහභාගි වී ඇත.

10

11

12

06. සානා මිර් – පකිස්තාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 31 හැවිරිදි සානා මිර් සයවැනි ලස්සනතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබේ. එක්දින තරඟ 105 කදී ලකුණු 1421 ක් සහ කඩුලු 117 ක් බිඳ දැමීමට ඇය සමත් වූවාය. විස්සයි විස්ස තරඟ 79 කදී කඩුලු 67 ක් බිඳ දමා ඇති තුන් ඉරියව් ක්‍රීඩිකාවකි.

13 14

Chennai: Pakistani women cricket team captain Sana Mir during the practice session at the MAC Stadium in Chennai Sunday. PTI Photo by R Senthil Kumar(PTI3_13_2016_000134B)

05. ඊසා ටානා ගුහා – දකුණතින් මද වේග පන්දු යවන්නියක් වන ඊසා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 8 කට සහ එක්දින තරඟ 83 කට ක්‍රීඩා කර තිබේ. එක්දින කඩුලු 101 ක් දවාගෙන ඇත.

16

17

04. සාරා ජේන් ටේලර් – එංගලන්තය නියෝජනය කරන සාරා ටේලර් ලොව සිව්වැනි සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ. 28 හැවිරිදි සාරා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ නවයකට සහ එක්දින තරඟ 113 කට ක්‍රීඩා කර තිබේ. දක්ෂ පිතිකාරිනියක් වන ඇය එක්දින ලකුණු 3786 ක් ලබා ඇති අතර එහිදී ශතක 6 ක් සහ අර්ධ ශතක 19 ක් ලබාගෙන තිබේ

18

19 20

03. හොලී ෆ්රැලින්ග් – 2013 වසරේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හොලී ෆ්රැලින්ග් ලොව තෙවැනි සුන්දරතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබේ. 22 හැවිරිදි හොලී දකුණත් වේග පන්දු යවන්නියක් වන අතර ඇය ටෙස්ට් තරඟ තුනකට ක්‍රීඩා කර තිබේ. එක්දින තරඟ 22 කදී ඇය බිද දමා ඇති කඩුලු සංඛ්‍යාව 24 කි.

21 22

23

02. ලෝරා මාෂ් – එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ලෝරා මාෂ් සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර දෙවැනි තැනට පත්ව තිබේ. 31 හැවිරිදි ලෝරා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 8 කට සහ එක්දින තරඟ 89 කට ක්‍රීඩා කර තිබේ. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ලෝරා එක්දින තරඟ තරඟ වලදී ලකුණු 892 ක් සහ කඩුලු 109 ක් බිද දමා තිබේ. විස්සයි විස්ස තරඟ 60 කදී ලකුණු 729 ක් සහ කඩුලු 60 ක් බිද දමා තිබේ.

24 25 26

01. එලිස් පෙරී – සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර ලොව අංක එක ස්ථානය දිනා ඇත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එලිස් පෙරීය. එලිස් ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම කාන්තා පාපන්දු කණ්ඩායමද නියෝජනය කිරීම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 7 කට සහ එක්දින තරඟ 94 කට එලිස් ක්‍රීඩා කර තිබේ. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන එලිස් එක්දින කඩුලු 126 ක්ද විස්සයි විස්ස කඩුලු 80 ක්ද ලබා ඇති අතර පිතිකාරිනියක් වශයෙන් එක්දින ලකුණු 3120 ක් සහ විස්සයි විස්ස ලකුණු 825 ක් ලබා ඇත.

27 28 29



from Gossip Lanka News & Video http://egossipvideo.info/2018/01/07/%e0%b6%b1%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b6%b1-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb/
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();