නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මහජනයා සඳහා කාලගුණ අනාවැකි
2018 ජනවාරි මස 27 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි
නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කලහැක.
නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇතිවිය හැක. සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.
දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
2018 ජනවාරි මස 27 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, ඉදිරි දින කිහිපයේදී දිවයිනට ගිනිකොණ දෙසින් වන ගැඹුරුමුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
(ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටි)
අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං උතුර සිට ඊසාන දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.
පුත්තලම සිට කොළඹ හරහා අම්බලන්ගොඩ දක්වාවන ගැඹුරු සහනොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහහම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 ක් දක්වා වැඩි වන අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.

0 Comments