චීනයේ විද්‍යාගාරයක් තුළ ක්ලෝනීකරණය මගින් වඳුරු පැටවුන් දෙදෙනකු බිහි කර තිබේ. මිනිසාට ආසන්නතම සතකු ක්ලෝනීකරණයෙන් බිහි වූ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොලී නම් බැටළුවා බිහි කළ තාක්ෂණය යොදා ගනිමින් මෙම ක්ලෝනීකරණය සිදු කර තිබේ. මීට සති කිහිපයකට පෙර උපන් මෙම පැටවුන් දෙදෙනා සොන් සොන් (Zhong Zhong) සහ හුවා හුවා ( Hua Hua) ලෙස නම් කර ඇත. ජානමය වශයෙන් මිනිසුන්ට සමාන වඳුරන් මිනිස් රෝග සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
ස්නායු විද්‍යාව පිළිබඳ ඇකඩමි ඔෆ් ක්වැන් සන් ඇකඩමිය ප්‍රකාශ කරන්නේ පිළිකා රෝග, පරිවෘත්තීය සහ ප්‍රතිශක්තීකරණ අක්‍රමිකතා ඇතුළු ජානමය පදනමක් සහිත රෝග අධ්‍යයනය කිරීමේ දී ආදර්ශයක් ලෙසින් ක්ලෝනීකරණයෙන් ලබන වඳුරන් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
මේ වන විට සොන් සොන් සහ හුවා හුවා බෝතල් වලින් කිරි බොමින් සාමාන්‍ය ලෙස වැඩෙමින් සිටින අතර ඉදිරි මාස කිහිපය තුළ තවත් ක්ලෝන වඳුරු පැටවුන් බිහි වන බව ද පර්යේෂකයෝ පවසති.

0 Comments