Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සනත්ගේ දනහිස ඉවත් කිරීමට යයි.!

ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ , ක්‍රීකට් ක්‍රීඩාවේ නූතන විස්සයි විස්ස , පවර් ප්ලේ ආදී ආකෘති හදුන්වා දීමට ප්‍රමුඛත්වය ගත්තේ ඔහුය. මාතර ඉපිද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පැමිණි සනත් ටෙරාන් ජයසූරීය නොවන්නට ක්‍රිකට් ක්‍රීඩාව තවමත් ඒකාකාරී කම්මැලි ක්‍රීඩාවක් වීමට තිබුණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොදම තරග දිනවන්නා ලෙස සැලකෙන සනත් ජයසූරීය සුපිරි පිතිකරුවෙක් පමණක් නොවේ. දග පන්දු ලොව ප්‍රමුඛයෙක් වන ශේන් වෝර්න්ට පවා වැඩියෙන් එක්දින කඩුලු ලබා ගත් සුපිරි පන්දු යවන්නෙකි. ලොව හොදම පන්දු රකින්නෙකු ලෙස සැලකෙන ජොන්ටි රෝඩ්ස්ට වඩා එක්දින උඩපන්දු ‍රැක ගත් සුපිරි පන්දු රකින්නෙකි. සනත් ජයසූරීය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ වෙනස මෙපමණයි කිව නොහැක. සනත් ජයසූරීය දැවි ගිය විට රූපවාහිනිය ක්‍රියා විරහිත කරන ක්‍රිකට් රසික සම්ප්‍රදායක් එකල පැවතුනි. ශ්‍රී ලංකාව තරගයක් ජය ගැනීමට නම් සනත් ජයසූරීය ලකුණු 30කට වඩා රැස් කළ යුතු යැයිද රසිකයන් අතර විස්වාසයක් පැවතුනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එපමණ සේවයක් කළ, ශ්‍රී ලංකාව ජයග්‍රහනය කළ එකම එක්දින ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා මේ දිනවල අසනීපව ඕස්ට්‍රේලියාවේ ප්‍රථිකාර ගනිමින් සිටි , නවතම වාර්තා අනුව සනත් ජයසූරීයගේ දනහිසේ අබාධය සුව කිරීමට සනත් ට දනහිස බද්ධ කිරිමේ සැත්කමට පෙනිසිටීමට නියමිතය.
සනත් ජයසූරීය නම් ඒ සුපිරි තරග දිනවන්නා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු කීයකට කොපමණ දුරක් දුවන්නට ඇත්ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ලබාගන්නට පන්දු යවන්නට කොපමණ දුරක් දුවන්නට ඇත්ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් උඩපන්දු ලබාගන්නට, දුවද්දී දැවී යාම් ලබාගන්නට මෙන්ම ප්‍රතිවාදී ලකුණු නවත්වන්නට පන්දු පිටිපස කොතරම් දුරක් දුවන්නට ඇත්ද, පන්දු යවන්නාට උපදෙස් දෙමින් ඔහුගේ පිටුපස නායකයා ලෙස,කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයෙකු ලෙස කොතරම් දුරක් ඇවිද ඇත්ද . මීට වසර දහයකට පෙර මෙම අබාධය හට ගත්තා නම් ශ්‍රී ලංකාවට කොපමණ ජයග්‍රහන අහිමි වන්නට තිබුණාද ….
එවන් කැපකිරීම් මැද මවුබිම දිනවූ සුපිරීතමයාට නෙත් ගොසිප් අප ඉක්මන් සුව පතමු .!
26167550_752336718297982_125039416302104179_n


from Gossip Lanka News & Video http://ift.tt/2CLPNTq
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();