Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාලු කොටුව ලෝක උරුමයෙන් ඉවත් කරන අවදානම ඉවතට

Author(s): 
විජයානි එදිරිසිංහ

ඇමැති සාගල

ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත් කිරීමේ අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

පසුගිය වකවානුවේදී යුනෙස්කෝව ගාල්ල කොටුව ලෝක උරුමයක් බවට පත්කර තිබීම සම්බන්ධයෙන් විවිධ ආකාරයක ගැටලු ඇතිවී තිබිණි ඒ බව තේරුම් ගත් රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස කිරීමට කටයුතු කළ අතර එම කොන්දේසිවලට පටහැනිව ඉදි කර තිබු ආයතන 14ක් ඉවත්කිරිමට පියවර ගත් බවද අමාත්‍යවරයා හෙළි කළේය.ඒ නිසා ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගිය බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

ගාල්ල කොටුව සජීවි ලෝක උරුමයක් . යුනෙස්කෝ සංවිධානය කොටුවේ නිර්මාණ ලක්ෂණා සහ එහි නිර්මාණ ලක්ෂණ සහ එහි පෞරාණික තත්ත්වය සැළකිල්ලට ගෙන ලෝක උරුමයක් ලෙස පිළිගෙන ඇත. එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට අදාල කොන්දේසි යුනෙස්කෝ සංවිධානය මගින් ඉදිරිපත් කර තිබුණි. පසුගිය කාලය පුරාම එම කොන්දේසි කඩකරන ඉදිකිරීම් සිදු වූ නිසා ගාල්ල කොටුව ලෝක උරුම ලේඛනයෙන් ඉවත්කිරීමේ අවදානමක් පැවතුණි.

එහෙත් රජය බලයට පත්වීමෙන් පසු මේ කොන්දේසි පිළිබදව සැළකිලිමත්වී දැඩි ලෙස ක්‍රියාත්මක විමත් සමග ආයතන 14ක් ගාල්ල කොටුවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ඒ නිසා බවද අමාත්‍යවරයා පවසයි.

මේ අතර ගාලු කොටුවේ ඇති ඹල්සෙන්ස් විද්‍යාලය ඉවත් කිරීමට යන බවට කට කතා ඇතිවූ බවද, කිසිම අවස්ථාවක එම පාසල ඉවත් නොකරන අතර එම පාසලේ ළමුන් දෙදහස් පන්සියයක් පමණ සිටින බැවින් ගාලු කොටුවේ ලෝක උරුම තත්ත්වයන්ට හානි නොවන පරිදි එම පාසලේ ගොඩනැගිලි පුළුල් කරන බවද අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා ගාලු කොටුවේ පැවැති මාධ්‍ය හමුවකදී වෙයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();