Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තුන්කොන් තරගාවලියට පුර්ව අනතුරු ඇගවීම් නිකුත් කරමින් ‘තමීම්ගෙන් ශතකයක්’

එළැඹෙන ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ – බංගලාදේශ තුන්කොන් තරගාවලිය සදහා නම් කළ බංගලාදේශ කණ්ඩායමේ මුලික සංචිතයට ඇතුළත් ක‍්‍රීඩකයින් කණ්ඩායමේ දෙකකට වෙන්කර පැවැත්වූ පුහුණු තරගයෙන් ලකුණු 136ක ජය BCB රෙඩ්  කණ්ඩායමට හිමිවිය.

මිර්පුර්හි ඩකා ක‍්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් BCB රෙඩ් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ ලකුණු 320ක් මුලු ලකුණු පුවරුවට එක්කිරීමට සමත් විය.එහිදී ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පන්දු 119කට මුහුණ දෙමින් හයේ පහර 02ක් හා හතරේ පහර 10ක් සමගින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් විය

මැද පෙළ පිතිකරු මොහමදුල්ලා තම්ම්ට නොදැවෙනි විශිෂ්ට ඉනිමක් දියත් කිරමින් පන්දු 75කදී හයේ පහර 05ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුනු 87ක් රැස් කරගත් අතර තුන්ඉරියව් ක‍්‍රීඩක අබු හසන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 19කදී ලකුණු 35ක් රැස් කළේය.

පන්දු යැවීමේදී BCB ග‍්‍රීන් කන්ඩායම වෙනුවෙන් මුටාෆිසර් රෙහමාන්,ටස්කීන් අහමඩ් හා සයිෆුඩීන් කඩුලු 02 බැගින් දවාගත්හ.

පිළිතුරු ඉනිම ඇරඹු ග‍්‍රින් කණ්ඩායට පන්දුවාර 43යි පන්දු 02කදී සියල්ල දැවී ලබාගත හැකි වුයේ ලකුණු 183ක් පමනි.

පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු සංඛ්‍යාවට ලකුණු 47ක් එක්වෙද්දී පන්දු 27කදී ලකුණු 18ක් ලබා සිටි සෞම්‍ය සකාර් දැවී ගිය අතර කඩුලු රකින ක‍්‍රීඩක මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකූණු 44ක් රැුස් කළේය.

පන්දු යැවීමේදී රෙඩ් කණ්ඩායම වෙනුවෙන් අබු හේදර් රොනී සහ රූබල් හුසේන් කඩුලු 03 බැගින් බිද හෙළිම සමත් විය.

මෙම තරගය පිලිබදව අදහස් දැක්වු කාලීඩ් මෙහෙමුඩ් කිය සිටියේ ක‍්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යාතවය ගැන තමන් සතුටු වන බවත් එළැඹෙන තුන්කොන් තරගාවලිය සදහා තම කණ්ඩජායම සූදානම් වන බවත්ය.

පන්දුවාර 50 තරග අපිට ගොඩක් වැදගත්.අපි තව පුහුණු තරගයක් පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.තමීම්ගේ පිිතිහරඹය විශිෂ්ටයි.අනෙක් පිතිකරුවනුත් යම් ලකුණු ප‍්‍රමාණයක් රැුස් කළා.බී.පී.එල් තරගාවලියේදී පන්දු යවන්නන් පන්දුවාර 04ක් විතරයි යැව්වේ.ඒක නිසා අපිට පන්දුවාර 50 තරගවල රිද්මයට පැමිණීමට මේ තරගය හුගක් වැදගත් වුනා.

BCB Red 320/6 (Tamim 104, Mahmudullah 87, Taskin 2/43)

BCB Green 183 in 43.2 overs (Mushfiq 44*, Rubel 3/21, Abu heder 3/51)

RED කණ්ඩායම සකිබ් අල් හසන් විසින් මෙහෙයවනු ලැබූ අතර GREEN කණ්ඩායම මෂ්රීෆ් මොටාසා විසින් මෙහෙයවනු ලැබූහ.



from Gossip Lanka News & Video http://ift.tt/2EgabZU
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();