නිල සංචාරයක් සදහා ශ්රි ලංකාවට පැමිණ සිටින නේපාල හමුදාපති ජෙනරාල් රාජේන්ද්ර වෙට්රි අද පෙරවරුවේ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති, රාජගුරු සහ ඇතුළු නිළධාරින් විසින් නේපාල හමුදාපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව මුලතිව් ප්රදේශය පිළිබදව විශේෂ සම්මන්ත්රණයක ද නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
පසුව නේපාල හමුදාපති ජෙනරාල් රාජේන්ද්ර වෙට්රිට විශේෂ තිලිණයක් පිළිගැන්වූ අතර ඔහු විසින් සමරු සටහනක් තැබූ බව ද සදහන්.
0 Comments