එංගලන්තයට එරෙහි අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා සඳහා වන වාර්තාව ඊයේ සම කළේය.
එංගලන්ත – ඔස්ට්‍රේලියා අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය තුන්වැනි දිනටත් සිඩ්නිහිදී ඊයේ පැවැත්විණ.
එහිදී ඔස්ට්‍රේලියා පළමු ඉනිම වෙනුවෙන් නායක ස්ටීවන් ස්මිත් ලකුනු 83ක් රැස් කළේ ටෙස්ට් ලකුණු 6,000 සීමාව ද පසු කරමිනි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස්.
කෙසේ වෙතත් ටෙස්ට් ක්‍රිකට් ලකුණු 6,000 සීමාව පසු කළ ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තව දුරටත් පෙරමුණේ රැඳී සිටියි.
0 Comments