Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිනමාවේදී ධර්මසේන පතිරාජයන් සමුගනී

Author(s): 
අසංක බණ්ඩාර

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් අද උදෑසන අලුයම සිනමාවේ මෙන්ම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස් තිබේ.

පසුගිය මාස දෙකක වැනි කාලයක් තිස්සේ ආචාර්ය පතිරාජයන් දැඩි ලෙස රෝගී තත්ත්වයන් පෙන්වූ ඔහු සමුගත්තේ, මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට වයස 74 වන වියේ පසු විය.

මේ අනූව දහවල් 12.00 සිට පස්වරු 04. 30 දක්වා මහනුවර මහ රෝහල පාරේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක ධර්මසේන පතිරාජයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තබනු ඇත.

අනතුරුව, අවසන් කටයුතු අද පස්වරුවේ මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ.

1943 මාර්තු 28 වැනිදා මහනුවරදී උපත ලැබූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ආචාර්ය පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය හදාරා මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාදිය ලබාගෙන තිබේ.

1970 වසරේ සතුරෝ නම් කෙටි චිත්‍රපටයක් මගින් සිය සිනමා ගමනට පියවර තැබු ආචාර්ය පතිරාජයන් 1974 අහස ගව්ව නිර්මාණය කරමින් සිනමාවේදියෙක් ලෙස මෙරට සිනමා ඉතිහාසයට එක්විය.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මුල් කාලීන අවධානය දිනාගත් ‘කඩුල්ල‘, ‘ඇල්ල ළඟ වලව්ව‘ ආදී නිර්මාණ මෙන්ම හෙළ සිනමාවේ පෙරළිකාර දිශානතියන් බිහි කළ අහස්ගව්ව, බඹරු ඇවිත්, පාරදිගේ ,එයා දැන් ලොකු ළමයෙක්,සොල්දාදු  උන්නැහේ , වාසුලි, මතුයම් දවස , සක්කාරං,පොන්මනී ඇතුළු සිනමා නිර්මාණ රැසක් බිහිකළ අග්‍රගන්‍ය සිනමාකරුවෙකි.

ඔහුගේ නිර්මාණ ලංකාව සමකාලීන දේශපාලන,ආර්ථික,සමාජ සංස්කෘතික කියවීමක් සිදු කළ අතර විචාරකයින්ගේ නොමඳ අවධානයට පත්විය.

70 දශකයේ කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජයන් ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපාධිධාරියෙක් ද වේ.

එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්විවද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා තිබේ.

පතිරාජයන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසද කටයුතු කරමින් සිනමාව කලාව වෙනුවෙන් අලුත් පරපුරක් බිහිකිරීමට දායක විය.

එතැන් පටන් සම්මානනීය සිනමා නිර්මාණ රැසක් ශ්‍රී ලාංකීය සිනමාවට තිළිණ කළ ඔහු, අවසන් වරට නිර්මාණය කළ ස්වරූප සිනමාපටය මිට මාස දෙකකට ඉහතදී ප්‍රදර්ශනය විය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();