Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොර මෙ.ටොන් 40,000න් 16,000ක් දින 3ක් ඇතුළත බෙදා හරිනවා

පොහොර සමාගම් ක්‍රියාකාරී අධ්‍යක්ෂ

ඕමාන් දේශයෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර මෙට්‍රික් ටොන් 40000න් මෙට්‍රික් ටොන් 16000ක් දින තුනක් ඇතුළත බෙදා හරින බව ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා පවසයි.‍

පසුගිය කාලය තුළ රටතුළ පොහොර හිඟයක් ඇතිවී තිබූ බවත් කෘතීමව නිර්මාණය කර තිබූ එම පොහොර හිඟයට පිළියමක් ලෙස මෙම පොහොර තොගය කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කළ බවත් ජයවර්ධන මහතා පැවසීය.

කොළඹ වරායට ගොඩ බස්වන ලද එම පොහොර තොගය ලොරි රථ 250ක් යොදවමින් අනුරාධපුර, පොළොන්නරුව , මහියංගනය, හම්බන්තොට ආදි ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයක් වෙතම බෙදා හැරීමට විෂය භාර ඇමති දුමින්ද දිසානායක මහතා උපදෙස් ලබාදුන් බවත් රවී ජයවර්ධන මහතා පැවසීය.

රවී ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ කොළඹ වරාය වෙත ඊයේ (08) ගොඩ බස්වන ලද පොහොර තො‍ගය ලොරි මඟින් දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත පිටත්කරවීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රවී ජයවර්ධන මහතා

අද ඕමාන් සිට පොහොර නැවක් පැමිණියා.මෙම පොහොර තොගය අනුරාධපුර, පොළොන්නරුව, මහියංගනය, ආදි ප්‍රදේශ වලට ලොරි රථ 250ක් මඟින් පිටත්කර යවනවා. මෙම පොහොර තොගය ලැබීමත් සමඟ රටතුළ කෘතිමව නිර්මාණය කර තිබූ පොහොර හිඟය අවසන් වේවි.මෙම නැවෙන් පසුව තවත් මෙට්‍රික් ටොන් 32000ක පොහොර නැවක් එන්නට නියමිතයි.එම නැව සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ආනයනය කරනවා. ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්ථාන අගමැතිවරයාගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව පොහොර මෙට්‍රික් ටොන් 40000ක් ගෙන ඒමට නියමිතයි.

රට තුළ පොහොර හිඟයක් තිබෙන බව කිව්වත් පොහොර සමාගම ලෙස අපි කියන්නේ රට තුළ පොහොර ඇති බවයි.මෙය කෘතිමව ඇතිකළ ප්‍රශ්නයක්.අපට ජනතා‍වගෙන් පැමිණිළි තිබෙනවා, පෞද්ගලික අංශය පොහොර මිටිය රුපියල් 3200ට 3400ට විකුණනවා කියලා.පොහොර නැතිකම නෙවෙයි. පොහොර හංගගෙන වැඩි මිලට විකිණීමක් තිබෙන්නේ.

සාමාන්‍යයෙන් යූරියා කොට්ටයක් ආනයනය කරන්නට රුපියල් 3250ක් පමණ වැය වෙනවා. නමුත් අපි ලබාදෙන්නේ රුපියල් 2500ක් වැනි මුදලකට.එවිට රුපියල් 750ක පාඩුවක් දරන්නට සිදුවෙනවා. මේ ආනයනය කරන ලද පොහොර කොට්ටයක් වෙනුවෙන්ද රුපියල් 3250 කට අධික මුදලක් වැය වෙනවා.නැවත කිසිඳු අවස්ථාවක පොහොර හිඟයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට කෘෂිකර්ම ඇමතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මින් ඉදිරියට රටට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගබඩා කිරීමටත් සැළසුම් කර තිබෙනවා. මීට පෙර පොහොර සංචිත පවත්වාගෙන ගියේ නැහැ. ඒ නිසයි මෙම හිඟය ඇතිඋනේ.නමුත් ඉදිරියේදී අපි පොහොර ගබඩා කරගන්නවා.

මින් ඉදිරියට මෙරට වී වගාවට අවශ්‍ය පොහොර වලින් සියයට අසූවක් රාජ්‍ය අංශය විසින් බෙදා හැරීමටත් සියයට විස්සක් පෞද්ගලික අංශයට ලබාදීමටත් තීරණය තර තිබෙනවා‍.

ස්වර්ණා විජේකෝන්, චන්දිමා කරුණාරත්න

ඡායාරූපය
වාසිත බටබැඳිගේ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();