Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංගා – යෙහාළි වෙනුවෙන් පිළි ගැන්වූ ලක්ෂ 38 වටිනා අතුරුපසේ ඇත්ත කතාව සූපවේදී විරාජ් හෙළි කරයි

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සිය බිරිඳ වෙනුවෙන් නුවරඑළිය සුපිරි හෝටලකදී පිළිගැන්වු ලක්ෂ 38 වටිනා අතුරුපස පිළිබදව ලංකාව තුළ ආන්දොලනාත්ම කතා බහක් ලක් වුනා. එයට හේතුව මෙයට දරා ඇති අධික වියදම නිසා. හැමෝම කතා වෙන මෙම අතුරුපස නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ සංචාරක ආකර්ෂණය ලංකාව වෙත යොමු කර ගැනීමටයි .

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ විධායක සූපවේදී විරාජ් ජයරත්න තම සූපවේදී ජීවිතයට වසර 25ක් පිරීම නිමිති කරගෙන මෙම පර්යේෂණාත්මක කටයුත්ත සිදු කර තිබුනා මෙහි සම්පූර්ණ වියදම ග්‍රෑන්ඩ් හෝටලය විසින් දාරා තිබෙන අතර අතුරුපස ගැන සුපවේදී විරාජ් පැවසූ කතාවයි මේ…

ලෝකෙ ගොඩක් වටින අතුරුපස හදලා තියෙනවා. නමුත් කලාත්මක විදියට වටිනාකමෙන් වැඩි අතුරුපසක් නිර්මාණය කෙරී තිබුණෙ නැහැ. මගේ සූපවේදී වෘත්තීය ජීවිතයට වසර 25ක් ගවෛද්දී කිසියම් වෙනස් දෙයක් කිරීමයි මගේ අරමුණ වුණේ. ඒ අනුව මෙම නිර්මාණය ආහාරමය වශයෙනුත් ඉතා අධික මිල ගණන්වලින් යුතු ද්‍රව්‍ය යොදමින් භෞතික පෙනුමටත් වටිනාම ද්‍රව්‍ය යොදමින් වටිනාකම් දෙකක් සහිතව නිර්මාණය කළා. ලොව මිල අධිකම මැඩගස්කර් චොක්ලට් විශේෂයත්,

ලෝකෙ තියෙන මිල අධිකම ෂැම්පේන් ඇසුරින් සෑදූ අයිස්ක්‍රීම් එකක්, ස්පාඤ්ඤයෙන් ගෙන්වූ, ලොව මිල අධිකම සෝස් විශේෂයක් ඇතුළත්ව මෙහි ආහාරමය කොටස නිර්මාණය කර තිබෙනවා.

ඊට අමතරව මෙහි කලාත්මක අගය වැඩි කිරීමට අතුරුපස පිළිගන්වන පිඟානේ චොක්ලට්වලින්, නුවර පෙරහර ඇඳ තිබෙනවා. එය ඇල්පෙනෙති තුඩකින් කළ ඉතා සියුම් නිර්මාණයක්. එහි නැට්ටුවෝ දෙදනෙක් සහ බෙරකාරයෝ දෙදෙනෙක් ප්‍රදර්ශනය වෙනවා.

නිර්මාණයේ කලාත්මක අගය ඉන් නතර වන්නේ නැත. අයිසින් සීනි භාවිතයෙන් ආහාරයට ගත හැකි පරිදි නිර්මාණය කළ හස්තීන් සිවු දෙනකු මත අතුරුපස පිඟානක තබා තිබේ. එහි මල්කම්, ලියකම් මෝස්තරද නිර්මාණය කර ඇත්තේ අයිසින් සීනි භාවිතයෙනි. මේ නිර්මාණය යන්ත්‍රයක් භාවිත නොකර දින ගණනක් තිස්සේ අතින්ම කරන ලද සියුම් උත්සාහයක ප්‍රතිඵලයක් බව පෙනේ. ලොව අති දුර්ලභ කැරට් 24 රත්රන් සහ රිදී ආහාරයට ගැනීමට සුදසු පරිදි සියුම් ලෙස සකසා මෙම නිර්මාණයට යොදා තිබේ.

ලංකාවට සංචාරක ආකර්ෂණය රඳවා ගනු වස් ‘නෙළුම් කුලුන’ වැනි සංකල්පයක් ලොවට ගෙන යන්නටද මෙම අතුරුපස තුළින් එහි සංකල්පධාරී විරාජ් ජයරත්න කටයුතු කර තිබේ. අයිසින් සීනි භාවිතයෙන් නිර්මාණය කළ නෙළුම් කුලුනේ අනුරුව මත වූ නෙළුම් මලෙහි තැන්පත් කර ඇත්තේ ලොව මිල අධිකම ස්වාභාවික ‘බ්ලූ සැෆයර්’ වර්ගයේ මැණිකකි. එහි වටිනාකම රු. ලක්ෂ 30 ඉක්මවන බව කියවේ. කිසියම් පුද්ගලයෙකු මෙම නිර්මාණාත්මක අතුරුපස මිලට ගන්නේ නම් එම මැණිකද, එහි සැකසුම් කොටස් සියල්ලද ඔහුට හිමිවේ.

මේකෙ සංකල්පය “Marry Me” කියලා යොදා ගැනීම තුළ අපි බලා‍පොරොත්තු වුණේ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ට හෝ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක්ට මේක ත්‍යාගයක් වශයෙන් දෙනකොට නිර්මාණාත්මකව කරන ආරාධනයක් ලෙස යොදා ගැනීමයි.

මෙහි සම්පූර්ණ වියදම දැරුවේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය මගින්. මෙහි මූලික අරමුණ සංචාරකයන් උදෙසා ලෝකය පුරා ශ්‍රී ලංකාවේ නාමය ඉස්මතු කර තැබිම. අපි ඒ සඳහා තමයි මුල්ම නිර්මාණය ලොව ජනප්‍රියම ශ්‍රී ලාංකිකයෙකු වන කුමාර් සංගක්කාර වෙත ප්‍රදානය කරන්නේ. ලොව මතෛක් කර නැති නිර්මාණයක් කිරීමෙන් අපේ මූලික අපේක්ෂාව සාර්ථක වන බව පෙනෙනවා. “නුවරඑළිය” ජාත්‍යන්තරයට ගෙනයාමත් මෙහි එක් අරමුණක් වුණා.

අපිට මේ සඳහා ගිනස් ලෝක වාර්තාවක් අයැදුම් කිරීමට අවශ්‍ය වුණත් නියමිත දිනට ඒ සඳහා කටයුතු සූදානම් කර ගැනීම අපහසු වුණා. ඒත් නුදුරේදීම ඒ සඳහා කටයුතු කිරීමට අපි සූදානම්. මේ වන තුරු මෙවැනි නිර්මාණයක් ලොව කොහේවත් කර නැති නිසා ගිනස් කමිටුවෙන්ද අප කළ විමසීමේදී මෙයට අවස්ථාව පවතින බව දැනගන්නට ලැබුණා. මේ සියල්‍ලේ අවසාන අරමුණ ශ්‍රී ලංකාව වැනි රටක ලොව හොඳම, මිල අධිකම සහ නිර්මාණාත්මකම අතුරුපස නිර්මාණය කර තිබේය යන පණිවුඩය ලෝකය වෙත ගෙනයාමයි.” සූපවේදී විරාජ් ජයරත්න කියන්නේය.

මෙහි සංකල්පය විධායක සූපවේදී විරාජ් ජයරත්නගේ වුවද එකී ජයග්‍රහණය පිටුපස නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සමස්ත කාර්ය මණ්ඩලයේම කැපවීම සැඟව පවතින බව ඔහු සඳහන් කරන්නේය. ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ ග්‍රෑන්ඩ් ඔන්ඩච්චි, සාමාන්‍යාධිකාරී රිෆාන් රිසාන්, ප්‍රධාන සූපවේදී දිමුතු කරුණාසිංහ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම මෙම නිර්මාණයේ සාර්ථකත්වය පිටුපස සිටින්නෝ වෙති.

1 2



from Gossip Lanka News & Video http://ift.tt/2qDir45
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();