Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 ලෝක කුසලානයට ⁣පෙර පන්දු යැවීම ඇන්ජලෝ මැතිව්ස්ට තහනම්

ගෙවී ගිය 2017 වසරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ ජාත්‍යන්තර තරග 57න් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ තරග 14 කින් පමණි.
මෙවන් අවපාතයකට ශ්‍රී ලංකාවේ දක්‍ෂතාවන් පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස කණ්ඩායමේ ක්‍රීඩකයන් මුහුණ දුන් ශාරීරික ආබාධයන් ද බලපෑ බව කිව යුතුය.
ඒ අනුව ආබාධයන්ට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඇන්ජිලෝ මැතිව්ස්ගේ ආබාධයන් වඩාත් කතාබහට ලක් වූ අතර කණ්ඩායමේ ජයග්‍රහණයන් බොහොමයකට උරදුන් මැතිව්ස් වැනි දක්‍ෂ ක්‍රීඩකයකු එසේ ආබාධයන්ට ලක්වීම ශ්‍රී ලංකා පිලේ ප්‍රතිඵලයන්ට බොහෝ සේ බලපෑවේය. වසරේ අවසන් ආබාධිත ක්‍රීඩකයා ලෙස ද සටහන් වූයේ මැතිව්ස්ගේ නමය.
නමුත් මෙතරම් වටිනා ක්‍රීඩකයකු දිගින් දිගටම ඇතිවන ආබාධ හේතුවෙන් කණ්ඩායමට අහිමි වන විට මතුවන ප්‍රශ්නය වන්නේ මැතිව්ස්ට වැලඳී ඇති ආබාධය සුව කිරීමට නොහැකි එකක් ද යන්නය.
තවත් විදියකින් කිවහොත් ඔහු සුවය ලබා ගැනීමෙන් පසුව යළි යළිත් එම ආබාධයන්ටම ගොදුරු වන්නේ ඔහු ලබා ගන්නා ප්‍රතිකාරයන්හි අඩුපාඩුවක්ද? නැත්නම් ඔහු විසින් නිසි ලෙස වෛද්‍ය උපදෙස් නොපිළිපැදීමද? යන ප්‍රශ්න මතුවෙයි.
කෙසේ වෙතත් මෙවන් ආබාධයන්හි ප්‍රායෝගික පැත්ත සහ මෙවන් ආබාධයන්ට ගොදුරුවීමට විද්‍යාත්මක හේතු යන කාරණා විමසා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකු හමුවූයෙමු.
ඒ අනුව අපට මුණගැසුණ එම වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පළමුවෙන්ම ප්‍රකාශ කර සිටියේ ඇන්ජිලෝ මැතිව්ස් වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස උනන්දුවෙන් සිදුකරන බවත් කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයකු බැවින් වෛද්‍ය කණ්ඩායමද ඔහු වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්ය.
සමස්ත කණ්ඩායමේම ප්‍රතිඵලයන් පිළිබඳව කනස්සල්ලෙන් අප හා කතාවට වැටුණු මහාචාර්යවරයා,
“හතුරුසිංහ තමයි අපේ අන්තිම තුරුම්පුව. ඒකත් යොදලා බලමු දිනන්නේ කොහොමද කියලා, යනුවෙන් පැවැසුවේ දැඩි ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන වෛද්‍යවරයකු බව අඟවමිනි. ඇයි හැමදාමත් මැතිව්ස්ට මෙහෙම වෙන්නේ? ප්‍රතිකාරවල වරදක්ද නැත්නම්…. ?
නැහැ. නැහැ ප්‍රතිකාර හොඳට කරනවා. එයා තුන් ඉරියව් දක්‍ෂතා සහිත ක්‍රීඩකයෙක් විදියට ගත්තාම හොඳට බෝල් කරලා විකට් ගත්ත දවසට හො¼දට බැට් කරනවා. එහෙම ලක්‍ෂණයක් මැතිව්ස්ගෙන් දකින්න පුළුවන්.
කෙසේ වෙතත් ඔහුගේ ආබාධයෙන් වැළකී සිටීමට ජීවිත කාලයේදීම ටෙස්ට් ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමෙන් වැළැකිය යුතු යැයි පවසන මහාචාර්ය අර්ජුන
“මැතිව්ස්ගේ ආබාධය ගැන කතා කළොත් කෙටිකාලීන විසඳුමක් ලෙස ඔහුව පන්දු යැවීමෙන් වළක්වා ගන්න ඕන. දීර්ඝකාලීන විසඳුම තමයි ඔහුගේ කලවේ පේශී ශක්තිමත් කරන්න ඕන. අනෙක් කාරණය තමයි ටෙස්ට් තරගවලදී ඔහුට ජීවිත කාලයටම බෝල් කරන්න බැහැ.
මැතිව්ස් දක්‍ෂ ක්‍රීඩකයෙක්. ඒ නිසා කණ්ඩායමේ පුහුණුකරු හා භෞතචිකිත්සක අපිත් එක්කත් කතා කරලා ඔහුව නිසි ලෙස කළමනාකරණය කරන්න කටයුතු කරන්න ඕන. පසුගිය එක්දින හා විස්සයි-20 තරගාවලි දෙකේදී මැතිව්ස් පන්දු යවන්න යොදා ගත්තේ අපි කාගෙත් තීරණයක් අනුවයි. ඒකෙ වගකීම අපිත් ගන්නවා” යනුවෙන් පැවැසීය.
කෙසේ වෙතත් තවත් සතියකින් පමණ පසු මැතිව්ස්ට පන්දු යැවීමට හැකියාව ඇත්දැයි ඇසූ පැනයකටද පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ මහාචාර්යවරයා “ආකෘති තුනේම එක දිගට ක්‍රීඩා කරන කොට කාර්යබහුල වුණාම මෙවැනි ආබාධ මතුවෙනවා.
අපිට මේ ප්‍රශ්නය තවත් අසීරු වුණොත් රට යවලා හරි මැතිව්ස්ට ප්‍රතිකාර ලබා දෙන්න අදහස් කරනවා. ඔහුගේ කලව ප්‍රදේශය තරමක් දුර්වල තත්ත්වයට පත්වීම මෙයට ප්‍රධාන හේතුවක්. මේක අපේ ජානවල ප්‍රශ්නයක් මිස ඔහුටම ආවේණික ප්‍රශ්නයක් නොවෙයි. නමුත් ඔහුගේ දක්‍ෂතාව තියෙනවා.
ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මෙම ජානමය ගැටලුව ඉන්දියානුවන්ටත් තිබුණා. නමුත් ඔවුන් ඒකට දැන් කෙසේ හෝ විසඳුම් සොයාගෙන තිබෙනවා. මැතිව්ස්ගේ තත්ත්වය ගැන හරියටම කතා කළොත් ඔහුගේ උඩ මසල්ස් වැඩියි. ඊට සාපේක්‍ෂව පහළ මසල්ස් මදි. තවත් විදියකින් කිව්වොත් ඉණෙන් පහළ පේශි වලට වඩා ඉනෙන් උඩ පේශි ශක්තිමත්.
එවිට ආබාධ මතු වෙන්න තිබෙන ප්‍රවණතාව වැඩියි. ඒ නිසා අපි ඊට විසඳුමක් විදියට උඩ හරියේ මසල්ස් අඩු කරලා හරි සමබර කරන්න ඕන. මොකද හේතුව ඉණෙන් පහළ මසල්ස් ශක්තිමත් කරන එකට වඩා ඒක පහසුයි” යැයි ද පැවැසීය.
කෙසේ වෙතත් සියයට සියයක් ශාරීරික යෝග්‍යතාව යහපත් වන තෙක් පන්දු යැවීමෙන් වැළැකිය යුතු බවත් එළැඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරගයකදී පන්දුවාර 5ක් පමණක් යැවීම සඳහා මැතිව්ස් සූදානම් කිරීම තම වෛද්‍ය කණ්ඩායමේ අරමුණ බව ප්‍රකාශ කරන මහාචාර්ය අර්ජුන ද සිල්වා
“ගිය වසර මුලදී දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියේදී බෝල් කරන්න ගිහිල්ලා තමයි ආබාධය මෙතරම්ම දරුණු වුණේ. හරි වෙලාවට හරි වැඩේ අරගෙන අයින් කරන්න ඕන. මීළඟට තිබෙන බංග්ලාදේශ තරගාවලියේදී මැතිව්ස් බෝල් කරන්නේ නැහැ.
පිතිකරුවෙක් විදියට පමණක් ක්‍රීඩා කරාවි. අපි ඉලක්ක කරන්නේ 2019 වර්ල්ඩ් කප් එකට කලින් තරගවලදී බෝල් කරන්න එපා කියන්නයි” යනුවෙන්ද ප්‍රකාශ කළේය.


from Gossip Lanka News & Video http://ift.tt/2m3Nrpn
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();