සන්ධාන ගත පක්ෂ සමඟ අවබෝධතා ගිවිසුම්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම හා සන්ධාන ගත දේශපාලන පක්ෂ සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (28) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කෙළේය.
මෙම කරුණු අනාවරණය වූයේ ඊයේ (26) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඇමැතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ දේශපාලන පක්ෂ 22ක් සන්ධාන ගත වී ඉන් දේශපාලන පක්ෂ 15ක් සන්ධානයේ බුලත් කොළය ලකුණ යටතේ තරඟ කරන බව ඇමැතිවරයා පැවසීය.
මීට සමගාමීව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 29 වැනි දා සවස 2.00ට සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවද ඇමැතිවරයා කීය.
මෙම මැතිවරණයේදී අදාළ නීති උල්ලංඝනය කරන්නන් වෙත නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවද ඇමැතිවරයා පැවසීය. දෙසැම්බර් 28වැනි සිට ජනවාරි 10 වැනි අතර කාලය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත බවද ඇමැති අමරවීර මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.
0 Comments