Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අයියා මලෝගේ ඇසිඩ් ගැහිල්ල

සහෝදරයින් දෙදෙනෙක් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලබා එක් අයකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව කොස්වත්ත පොලීසිය පවසයි.

ඇසිඩ් ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ ලුණුවිල - තුලාවල පදිංචිකරුවෙකි. 

ඊයේ (26) සවස යතුරු පැදියකින් පැමිණි සහෝදරයන් දෙදෙනෙකු ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බව මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.

පැරණි අමනාපයක් මත මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලීසිය විමර්ශන මෙහෙයවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();