Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩෙංගු මඬින්න ඔස්ට්‍රියාවෙන් බැක්ටීරියාවක්

 සන්ධ්‍යා කරුණාරත්න

ඩෙංගු වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට වොල්බැචියා (Wolbachia) නමින් නව බැක්ටීරියාවක් මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කරයි. ඒ සඳහා වූ කැබිනට් සංදේශය ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා පවසයි. ඔස්ට්‍රියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වාදී ඇති මේ බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව තිබේ.

මෙරට ප්‍රධාන මහජන ගැටලුවක් බවට පත්ව ඇති ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු විශේෂය වන ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ ශරීරය තුළට මේ බැක්ටීරියාව ඇතුළු කිරීමෙන් ඩෙංගු වෛරසය පාලනය කළ හැකිය.

ශ්‍රී ලංකාවේ තෝරා ගත් ප්‍රදේශවල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමට මොනෑෂ් විශ්ව විද්‍යාලය කැමැත්ත පළ කර ඇති අතර ඒ සඳහා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද කැමැත්ත හිමි වි තිබේ.

ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලබා දීම ඔස්ට්‍රේලියානු රජය මඟින් සිදු කරන අතර මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමේ පර්යේෂණයක් ලෙස ක්‍රියාත්මක කිරීම සදහා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්වය සදහා වන ජාතික, විශේෂඥ කමිටුවේ එකගතාවය ද ලැබී ඇත. ව්‍යාපෘතිය සදහා ඔස්ට්‍රිලියානු රජය ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට නියමිතය.

ලෝකයේ කෘමි විශේෂ 60 කට වැඩි ප්‍රමාණයක ශරීර තුළ හා ස්වභාවිකව ජීවත්වන බැක්ටීරියාවක් වන මෙය පරිසර හිතකාමී ජෛව පාලන ක්‍රමයක් ද වේ. ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ ශරීරය තුළ මේ බැක්ටීරියාව ස්වාභාවිකව හමු නොවේ. මේ බැක්ටීරියාව ආසාදනය වූ මදුරුවන්ගේ ශරීරය තුළ ඩෙංගු වෛරස සම්ප්‍රේෂණ මට්ටම වර්ධනය නොවෙයි. එය මිනිස් ගහනය තුළ ඩෙංගු වෛරසය පැතිරීම සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට ප්‍රමාණවත් වේ.

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මේ බැක්ටීරියාව ආසාදිත ඊඩිස් ඊජිප්ටයි මදුරුවන් නිදහස් කිරීම ඔස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොළොම්බියාව යන රටවල සාර්ථකව සිදු කරයි.

බෝ වන රෝග අතුරින් පාලන කර ගැනීමට අවශ්‍ය වී ඇති ඩෙංගු රෝගය පාලනය කිරීමට සුදුසු පියවර කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

2017 වසරේ ගත වූ කාලය තුළදි රෝගීන් 177,000 ක් වාර්තා වී ඇත. ලබන 22 වැනිදා ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බලකාය ද රැස්වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත නව පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථමව ත්‍රිවිධ හමුදාව සහ මවුපියන් සහභාගි කර ගනිමින් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();