ඇත්තටම අද අපි හැමෝටම අවශ්‍ය උසස් කෙනෙක් වෙන්න. ඒත් ඒ උස මහතින් වත් බාහිර ස්වරූපයෙන් වත් නෙමෙයි. ආත්ම ශක්තියෙන් යම් කෙනෙක්ට උසස් පුළුවන් නම් ඒ අයව අපි වීරයෝ විදිහට හඳුන්වනවා. මිනිස්සු විදිහට අපි හැමවිටම කැමැති අපිව දැවැන්ත කෙනෙක් විදිහට සමාජයේ කැපී පෙනෙනවාට
ගොවිකම වීරත්වය බවට පෙරළා තම ජීවිතය ජයගත් මේ අපූරු මිනිසා අපට හමුවෙන්නේ තණමල්විලිනි. නමින් එදිරිසිංහ මුදියන්සේලාගේ ගුණසේකරය. අවුරුදු දහසය වියැති ගුණසේකර එදා උදැල්ල අතට ගත් ගොවිකම තම ජීවනෝපාය බවට පත්කරගැනීමේ අදිටනිනි.
මැටි වලින් පදම් වූ උළු සෙවිලි කළ ගෘහය තුළ ගිමන් හරිමින් අලි, කොටි, වලස්සු යන උවදුරු නමැති අභියෝගය ජයගත් ගුණසේකර ගොවි මහතා අද සැබෑම සැබෑ වීරයෙකු බවට පත්ව සිටින්නේ වීරයන් කිහිප දෙනෙකුම රටට දායාද කරමිනි.
මේ ගොවි තාත්තා අද රටට නායකයන් හතර දෙනෙකු බිහිකර ඇත්තේය. ඔහුගේ ලොකු දුව ගුරුවරියකි, දෙවැනි පුතා ඉංජිනේරුවෙකි, තාක්ෂණික ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නේ තෙවැනි පුතාය. පියාගේ වීරත්වයේ ඔටුන්න හිමි කුමාරිය ඇයය. ඒ ඔහුගේ බාලම දියණියයි. දහසකුත් ජීවිත සුවපත් කරන්නට භාග්‍යවන්ත වූ ඇය අද රටේ සිටින සුවිශේෂීම වෛද්‍යවරියෙකි. ගුණසේකර ගොවි මහතා මේ වනවිට මුළු රටටම වීරයන් හතරදෙනෙකු බිහිකළ වීර පියෙකි.
වසරෙන් වසර අක්කරයක් පමණ ප්‍රදේශයක අස්වනු නෙලමින් ඔහු උපයන මුදලින් තම කුඩා නිවස අද සරු සාරව ගොඩනගා ගෙන තිබේ. රටට නායකයන් හතරදෙනෙකුම බිහි කර තිබේ. නොයෙකුත් හැල හැප්පීම් හමුවේ අද ජීවිතය ජයගෙන සැබෑ වීරයෙකු බවට පත්ව තිබෙන්නේය. ” මම අද වෛද්‍යවරියක් ඒත් මගේ ජීවිතේ සැබෑම වීරයා මගේ තාත්තා ඔහු ගොවියෙක්” ලෙසින් තම පියාගේ ගොවිකම වීරයෙකු මතින් ඉස්මතු කරන්නට ඔහුගේ දරුවන් සිවු දෙනාම සමත්ව සිටින්නේ ද පියාගේ කැපවීමද මල් ඵල ගන්වමිනි.
“මම මේ තත්ත්වයට ආවේ මහන්සියෙන් කැපවීමෙන්, හැමෝටම ආත්ම ශක්තියක් තියෙනවා නම් මේ තත්ත්වයට පත්වෙන්න කාටවත් බැරිකමක් නැහැ.” යනුවෙන් ගුණසේකර ගොවි මහතා අප හැමෝටම අගනා ආදර්ශයක් ඉතිරි කර ඇත්තේය.
මාළු මිරිස්, කරවිල, වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා යන පැළෑටි ටිකෙන් ටික ලොකු වුණේ ගුණසේකර ගොවි තාත්තාගේ ජයග්‍රහණයන්ද මල් ඵල ගන්වමිනි. සැබෑ නායකයන් හතර දෙනෙකුම රටට දායාද කළ ගුණසේකර ගොවි මහතාට තවත් දරුවන් කිහිපදෙනෙකි. ඒ නම් ඔහු ආදරෙන් රැකබලාගන්නා වූ එළවළුය. ඔහු එහි ඵල නෙලන්නේද කුඩා දරුවෙකු පියෙකු ස්පර්ෂ කරන්නා සේය. වැස්සට යම් ලෙසකින් වගාවට හානි පැමිණෙන අවස්ථා කොතෙකුත් නැතුවාම නොවේ. ඒත් ඒ වැස්සට සහ අව්වට මුහුණ දෙමින් ගොවියාම සටන් කරමින් සියලු අභියෝග පසෙකලා අද ඔහු ජීවිතයම ජයගෙන සිටින්නේය.
from Gossip Lanka News & Video http://ift.tt/2zn1zTe
via internet
0 Comments