Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද උපන්දිනය සැමරූ පියුමිට දයාන් විතාරණ මුල මතක් කර දුන් හැටි

පියුමිගේ 25 වන උපන්දිනය අදට යෙදී තිබුණා. දයාන් විතාරණ ඇයට සුභ පතලා තිබුනේ මෙන්න මෙහෙමයි .

පියුමිට හසකැන් ගෙනෙන සුවිසෙස් උපන් දිනක් …..නව පරපුරේ ජනප්‍රිය නිළියක සහ නිරූපිකාවක වන පියුමි හංසමාලි අද සිය 25 වැනි උපන් දිනය සමරන්නීය .ඇය ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ ඇගේ ඡායාරූප රැසක් මා ගනු ලැබූ අතර ඇගේ මුහුණේ හැඩ තළ ඡායාරූප වලට ඉතා මනරම් ලෙස හසුකර ගත හැකි බව මට වැටහිණි .ඉන් අනතුරුව ඇය ටෙලි නාට්‍ය ,වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා තුළ ඉතා ජනප්‍රියත්වයට පත් වුවාය .එසේම ඇය බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ චරිතයක් වුවාය .පියුමි ගැන මා දන්නේ මෙපමණකි .එනම් ඇය මුළ අමතක නොකරන කෘතවේදී යුවතියක් බවය .ඇය සුරතල් පුතෙකුගේ මවක වන අතර මෑතදී ඇය පෙනී සිටි රූප රචනා තුළ ඇයට දොස් නැගූ අය බොහෝය .ජනප්‍රියත්වය සහ මුදල් අපට අවැසි වුවද ප්‍රවීණ ජනකාන්ත පුද්ගලයන්ට එම රූප රචනා තුළින් අවමනක් වේ නම් එවන් රූප රචනා වලින් ඈත්වී සිටීම සුදුසුය .මන්දයත් ජනප්‍රියත්වය සහ මුදල් තාවකාලික වන අතර ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනා ගතහොත් ක්ෂේත්‍රයේ බොහෝ අයගේ ආදරයට බුහුමනට ලක්වනු නොඅනුමාන බැවිනි .කෙසේ වෙතත් මා ඇය දකින්නේ බොහෝ විවෘතව කතා කරන සිතේ කහටක් තබා නොගන්නා කෘතවේදී නිළියක ලෙසිනි .ඇගේ 25 වැනි උපන් දිනයට මට ඇරයුම් කළේ එහෙයිනි .මීට වසර දෙකකට පමණ පෙර එක්තරා වාණිජ මට්ටමින් සිදුවුණු ඡායාරූප නිරුපණයක් සඳහා පෙනී සිටීමට ඇය මගෙන් කිසිදු මුදලක් අය නොකළේ ඇය මා වෙත ඇති ගෞරවාන්විත කෘතවේදීත්වය නිසාය .එනිසා ඇය මුදල් වලට මුල් තැන දෙන බව පැවසිය නොහැකිය .තම අනාගතය ඉතා හොඳින් සැළසුම් කළහොත් ඇයට සහ පුතණුවන්ට පැහැබර අනාගතයක මං සලකුණු දිස් වනු ඇත .පියුමි,තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සමගින් ඔබේ යහපත් වූ බලාපොරොත්තු ඉටු වන උපන් දිනකට සුබාසිරි ……

da

 



from Gossip Lanka News & Video http://ift.tt/2hWcKdX
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();