අද සවස් භාගයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම උතුරු, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් වලට වැසි පැවතිය හැකි බවයි.
කඳුකර සහ ගංඟා ආශ්‍රිත ජනතාවට විමසිලිමත්ව පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහජනයා සඳහා කාලගුණ අනාවැකි
2017 නොවැම්බර් මස 25 වන දින මධ්‍යහ්න 12.00 ට නිකුත් කරන ලදි
දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද සහහෙට දිනයන්හිදී (25 සහ 26) දිවයිනේ වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි ද අහස වළාකුලින්බරව පවතිනු ඇතැයිද
බලා පොරොත්තු වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන තරමක තද සුළං (පැ .කි .මි. 50 පමණ) අපේක්ෂා කල හැක.
දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සමහර ස්ථාන වලට විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල (මි.මි.100 වැඩි) තද වැසි ඇති විය හැක.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදීමීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
2017 නොවැම්බර් මස 25 වන දින මධ්‍යහ්න 12.00 ට නිකුත් කරන ලදි
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළං ඊසාන හෝ උතුරු දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්ථව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදුප්‍රදේශ විටින් විට රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තාවකාලික ඉතා තද සුළං(පැ.කි.මී.70-80 දක්වා) සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැක.(ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටියි)

0 Comments