Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විවාහ විය යුතුමයි කියලා නියමයක් නෑ, අරමුණුවලට යන්න විවාහය බාධාවක් – රංජන් රාමනායක

විවාහය යන කාරණය සම්බන්ධයෙන් අපේ රටේ ජනප්‍රිය නළුවෙකු මෙන් ම දේශපාලන වේදිකාවේ දී නිතර දකින්න ලැබෙන රංජන් රාමනායක අදහස් දක්වලා තිබෙනවා. ඔහු පවසන පරිදි විවාහය යනු අනිවාරයෙන් සිදු කර ගත යුතු දෙයක් නොවේ.

ඔහුගේ අදහස් පහතින්….

”විවාහය ගැන මගේ පෞද්ගලික මතය තමයි කෙනෙක් විවාහ විය යුතුමයි කියලා නියමයක් නෑ. අනික විවාහ වෙන්නම ඕන කියලා කාටවත් බල කරන්නත් බෑ. බොහෝ වෙලාවට අපේ නිශ්චිත අරමුණුවලට යෑමට විවාහය බාධාවක් වෙන අවස්ථා තියෙනවා.

ඒකට අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි සිදුහත් කුමාරයා, රාහුල කුමරුගෙ ඉපදීමෙන් පස්සේ බැඳීමක් ඇති වුණා කියලා ගිහිගෙය අත්හැරලා අභිනිෂ්ක්‍රමණය කිරීම, ජේසුස් වහන්සේ විවාහ දිවියට ඇතුළත් නොවුණ උත්තමයෙක්. අනික් පැත්තෙන් බැලුවම මට නඩු 08ක් තිබුණා. තව 21ක් වැටෙන්න තියෙනවා. මම බැඳලා හිටියා නම් මගේ වයිෆ් කියයි අනේ මේ පිස්සු නැතුව නඩුවල පැටලෙන් නැතුව ඉන්න කියලා.

කොහොම වුණත් අවිවාහකයෙක් හැටියට මම ඉතාමත් සැහැල්ලුවෙන් බැඳීමක් නැති ව නිදහස කියන දේ උපරිමයෙන් භුක්ති විඳිමින් හෙට දවස වෙනුවෙන් මගේ ඉලක්ක සපුරා ගනිමින් ඉන්නවා



from Gossip Lanka News & Video http://ift.tt/2zmNVzs
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();