Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සා.ඇලෝසියස්-සා.අන්තෝනි බාලිකා රාජන්ස් හොකී ශූරතා දිනයි

රාජන්ස් සත් සාමාජික හොකී තරගාවලියේ බාලක ශූරතාව ගාල්ල සාන්ත ඇලෝෂියස් විදුහල දිනාගත් අතර බාලිකා ශූරතාව මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විදුහලට හිමිවිය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට වසර 130ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ මේ තරගාවලියට පළමු වරට ‘රිට්ස්බරි චෑම්ප්’ සන්නාමය යටතේ සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි සිය අනුග්‍රාහකත්වය ලබා දුන්නේය.

මහනුවර බෝගම්බර පිටියේ පැවැති තරගාවලියයේ බාලක අනුශූරතාව මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයටත් බාලිකා අනුශූරතාව පානදුර බාලිකාවටත් හිමිවිය.

තරගාවලියේ පළිහ බාලක/බාලිකා ශූරතා පිළිවෙළින් බදුල්ල ධර්මදූත විදුහල සහ මහනුවර සීතාදේවි බාලිකාව සතුවෙද්දී මාතලේ සහීරා හා මහනුවර ස්වර්ණමාලි බාලිකා බඳුන ශූරතා දිනා ගත්තේය.

මේ තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳ අදහස් දක්වමින් සී.බී.එල්. සමාගමේ නියෝජ්‍ය සන්නාම කළමනාකාර සෞම්‍ය ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ක්‍රීඩාවේ නියැලෙන දරුවන් අනාගතයේදී සිය සමාජයේත් රටේත් යහපත වෙනුවෙන් කටයුතු කරන බව අප දන්නා නිසා, විවිධ ක්‍රීඩා රැසකට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වන බවයි. ජවය, ක්‍රීඩාශීලිත්වය සහ ජයග්‍රහණය සමග බැඳී පවතින සන්නාමයක් වන රිට්ස්බරි චෑම්ප් මගින් ද දරුවන් තුළ සිටින ඇතුලාන්තර ශූරයා ඇගයුමට ලක්කරමින් ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී ජයග්‍රහණය සැමරීමට අනුබලයක් ලබාදෙනවා බවද ඔහු පැවැසීය.

ක්‍රීඩාවේ අවියෝජනීය හවුල්කරුවකු ලෙස රිට්ස්බරි, සර් ජෝන් ටාබර්ට් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අඛණ්ඩව වසර හයක් අනුග්‍රාහකත්වය ලබාදී ඇත. ඊට අමතරව, කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය, අන්තර්-ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා සහ වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලි සඳහා ද රිට්ස්බරි කැපී පෙනෙන දායකත්වයක් ලබාදී ඇත. තවද, සබරගමුව, සෙවනගල පිහිටි උඩවලව සුපර්ක්‍රොස් ධාවන පථයේ රේසිං අත්දැකීම නොඅඩුව හිමිවන වාර්ෂික ‘වලවේ සුපර්ක්‍රොස්’ තරගාවලියේ කුඩා දරුවන්ගේ තරග සඳහා ද රිට්ස්බරි චෑම්ප් අනුග්‍රහය ලබා දුන්නේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();