හැට දෙලක්ෂයක ජනතාවගේ අයිතිය සුරකීමේ සංවිධානය ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය පසුගිය 24 වැනි දින මාතර දී පැවැත්විණි.
නිදහසේ වේදිකාව, පුරවැසි බලය, සාධාරණ සාමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය , ලක්බිමේ මවුවරු, වීදියේ විරෝධය, වමේ කේන්ද්‍රය ඇතුළු සංවිධාන රැසක සහභාගිත්වයෙන් එම සත්‍යග්‍රහය පැවැත්වූ අතර විශාල පිරිසක් එයට සහභාගි වූහ. විනාඩි කිහිපයක සත්‍යග්‍රහයෙන් අනතුරුව එහි දී ජනහමුවක්ද පැවැත්විණි.
එහිදී මහාචාර්ය දඹර අමිල හිමි , මාගල්කඩවල පුණ්‍යසාර නාහිමි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුහන්දිරම්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ, වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය මහත්වරුද අදහස් දැක්වූහ.
ඡායාරූපය වැලිගම සමූහ

0 Comments