පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, ඡන්ද දායකයින් 06 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අදාල නඩුව ලබන 30 වන දා යළි කැඳවීමට අද තීරණය කර තිබේ.
ඒ අභියාචනාධිකරණය විසින්.
පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය සඳහා නිකුත් කළ සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පසුගිය 22 වන දා අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබිණි.
එම පෙත්සම සලකා බැලීමට නියමිතව ඇත්තේ ලබන මස 04 වන දාය.
නීතිපතිවරයා විසින් මෙම පෙත්සම සලකා බැලීම කඩිනම් කරන ලෙස ඉල්ලා අද අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
0 Comments