පුංගුඩතිව් මහා විදුහලේ ඉගෙනුම ලබමින් සිටිය දී අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ විද්‍යා දැරියගේ 21 වන ජන්ම දිනය වෙනුවෙන් එම විදුහලේ සිසුන්හට පා පැදි සහ පාසල් උපකණ ලබාදීමේ උත්සවයක් අද සිදු කෙරිණ.
ඇය අධ්‍යාපනය ලද පාසලේ සියළුම සිසුන්හට පරිත්‍යාග භාණ්ඩ ප‍්‍රධානය කිරීමේ උත්සවයක් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පුංගුඩතිව් මහා විදුහලේදී පවත්වන ලදි.
ඒ යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරචිච්ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම පාසලේ උපකරණ බෙදාදීම ප‍්‍රවීන සිනමා නිලි සූනීතා විරසිංහ සංකල්පයකට අනුව සිදු කෙරිණ.
මෙහිදී එම පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් 13 දෙනෙකු හට පා පැදි හා අනෙකුත් සියළුම දරු දැරියන් සඳහා පොත් පත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදි.
එහි දී විද්‍යා පදනම නමින් පදනමක් ආරම්භ කරමින් එය දිවයින පුරා රැගෙන යාමට ද එහිදි කටයුතු කල අතර සෑම මසකම පාසලේ දරු දැරියන් 10 දෙනෙකුහට විශේෂ ශිෂ්‍යත්වයන් ලබා දීමටත් කටයුතු කිරීමටත් නියමිතයි.

0 Comments